අගමැතිවරයා දිවුරුම් දෙන්නේ කවදාද?
පාර්ලිමේන්තුව තෝරාගැනීමට ලබාදී තිබූ කාලය දැන් අවසන්ය. ඡන්ද දායකයින් සියල්ලගේම බලාපොරොත්තුව අනාගත අගමැති කවුද යන්නයි. කවුරුහෝ වේවා අපේ ...

https://www.sathhanda.com/2015/08/sri-lanka-prime-minister.html
කවුරුහෝ වේවා අපේ රටේ ඊළඟ අගමැතිවරයා දිවුරුම් දෙන්නේ කවදාද යන්න පැහැදිලි කල,
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 01දා බවයි. ඒ අනුව ඔබ ලබාදුන් ඡන්ද හා මනාප අනුව තේරීපත්වන නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ පාර්ලිමේන්තුව රැස්කර මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම්දීමෙන් පසුවය.
රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවටත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකීයභාවය රකිනා බවටත් දිවුරුම්දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා කවුදැයි හරියටම දැනගන්නට වෙන්නේ 2015 සැප්තැම්බර් 01දා හෝ ඊට පසු දිනකය.
Related