මහින්ද එක්ක ළඟදීම ආණ්ඩුවක් හදනවා

ඉතා ඉක්මනින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහිත ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බව කළුතර දිස්ත‍්‍රික් සන්ධාන මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවස...

ඉතා ඉක්මනින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහිත ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බව කළුතර දිස්ත‍්‍රික් සන්ධාන මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

‘ගිය 17 තිබුණේ නිවාසාන්තර ක‍්‍රීඩා තරගයක් නෙමෙයි. ප‍්‍රතිපත්තිමය ගැටුමක්. එජාපයේ බෙදුම්වාදය ජයග‍්‍රහණය කරවන වැඩසටහනට සහ නව ලිබරල්වාදී වෙළදපළ ආර්ථික ක‍්‍රමයට විරුද්ධයි. නන් විධ උපක‍්‍රම සහ තුප්පහි උප්පරවැට්ටි මැද්දේ එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කළා. ඒගොල්ලෝ බටහිර ගැති පාලනයක් වෙනුවෙන් ජනවරම ඉල්ලද්දී අපි ඒකීය භාවය මත පදනම්ව රට සංවර්ධනය කරන්නයි ඉල්ලූවේ.

අපේ අතීත මුතුන් මිත්තන් රණවිරුවන් දිනා දුන් ජයග‍්‍රහණ කාබාසිනියා කරන්නට දෙන්න බෑ. මහින්ද රාජපක්ෂ මහතා සමග අපි ඉතා ඉක්මනින් ජනතාවාදී ආණ්ඩුවක් හදන්වා. ජනතාව දුන් වටිනා ඡන්දය පවා දී ජාතික ආණ්ඩුවල ඇමැති කටු සූප්පු කරන්නට යන්නේ නෑ’ යයිද මන්ත‍්‍රිවරයා කළුතරදී පැවති ජනහමුවකදී කියා සිටියේය.

-cnews



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3609998931923362954

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item