ජම්පටාවීදියේ ඝාතනයේ වීඩියෝ [VIDEO]

කොටහේන ජම්පටාවීදියේ ඊයේ (05) දහවල් සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා....

කොටහේන ජම්පටාවීදියේ ඊයේ (05) දහවල් සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. ඔවුන් දෙදෙනාම ජම්පටාවීදියේම පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

එක් සැකකරුවෙකු 21 වන වියේ පසුවන පලනි කැනිෂ්ටන් ක්ලෝරියන් නමැත්තෙක්. අනෙක් සැකකරු 26 වන වියේ පසුවන අතර ඔහු පලනි ශිරාන් ක්ලෝරියන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූයේ 33 වන වියේ පසුවූ ජෝන් පීටර් රෙක්සි රීගන් නමැත්තෙක්. ත‍්‍රිරෝද රථයකින් පැමිණි 4 දෙනෙකු තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය මීට පෙර ප‍්‍රකාශ කළා. ඒ අනුව ඉතිරි සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකෙරෙනු ඇති. 

මෙම ඝාතනය බවට පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් හරහා සංසරණය වෙමින් පවතිනවා. ඒ අනුව මෙම වීඩියෝව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය වෙත එක් කළ පුද්ගලයා සඳහන් කර ඇත්තේ "Hot news muder at kotahena" යනුවෙනි. තවද හේතුව කුමක්දැයි නොදන්නා නමුත් සිද්ධිය වීඩියෝ කළ බවද ඔහු පවසා තිබෙනවා. 

එම වීඩියෝව පහතින් නරඹන්න

(සංවේදීතාවය දරාගත නොහැකි පිරිස් මෙම වීඩියෝව නැරඹීමෙන් වලකින්න)






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4089902432365851713

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item