යහපලකයෝ කුරුණෑගල ආපනශාලාවට පොලුවලින් පහරදෙන හැටි [CCTV]

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි හෝටලයකට අද අළුයම කඩාවැදී එහි හිමිකරුට සහ සේවකයින්ට පහර දී හෝටලයටද අලාභහානි කළ බව කියන පුද්ගලයින් හය...

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි හෝටලයකට අද අළුයම කඩාවැදී එහි හිමිකරුට සහ සේවකයින්ට පහර දී හෝටලයටද අලාභහානි කළ බව කියන පුද්ගලයින් හයදෙනෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආධාරකරුවෙකු බව කියන ව්‍යාපාරිකයෙකුට අයත් මෙම හෝටලයට අද අළුයම 1.00 ට පමණ කුඩා ලොරි රථයකින් පැමිණි පොලූ සහ බේස්බෝල් පිති රැගත් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ප‍්‍රහාරය සිදුකර තිබේ.

මෙම ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ එම හෝටලයේ හිමිකරු , ඔහුගේ සොහොයුරා සහ තවත් සේවකයෙක් මේ වනවිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කොට සිටින අතර අවන්හලේ තිබූ වීදුරු අල්මාරි , මේස , පුටු ඇතුළු තවත් භාණ්ඩවලට දැඩි අලාභ හානි සිදුව ඇත.

එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරගවැදුණු අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ලකර ඇති බවට දැනට තොරතුරු හෙලි වී තිබේ. මෙය දේශපාලන පළිගැනීමක් බවට පහර කෑමට ලක් වූ පාර්ශ්වය විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පහරදීමට සම්බන්ධ පාර්ශ්වය පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ සිගරට්ටුවක් මිලදීගැනීමට යාමේදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම නිසා මෙවැනි ප‍්‍රහාරයක් එල්ල කළ බවය.

අදාල ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේදී එම හෝටලයෙහි සවිකර තිබූ සී. සී.ටී.වී.කැමරාවක පහරදීමේ දර්ශණ සටහන් වී තිබුණේ මෙසේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2150015549234279846

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item