අභිරහස් ලෙස ඝාතනය වූ හිස වෙන්වූ පිරිමි මළසිරුරක්
මාදම්පේ සිට නාත්තන්ඩිය දක්වා ඇති හොර වංගුව නමින් ප්‍රසිද්ධ මාර්ගයේ පාළු ස්ථානයක වන ලැහැබක තිබී හිස සුන් මළ සිරුරක් හමුවී තිබෙනවා. රතු පැහ...

https://www.sathhanda.com/2015/08/madampe.html
මාදම්පේ සිට නාත්තන්ඩිය දක්වා ඇති හොර වංගුව නමින් ප්‍රසිද්ධ මාර්ගයේ පාළු ස්ථානයක වන ලැහැබක තිබී හිස සුන් මළ සිරුරක් හමුවී තිබෙනවා.
රතු පැහැති කොට කලිසමක් පමණක් ඇද සිටි ඝාතනයට ලක්වූ අයගේ හිස කදෙන් වෙන් කර තිබී ඇත.වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙක්.
මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි මාරවිල අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුවා.එම ස්ථානයට පැමිණි හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජයවර්ධන මහතා ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබෙනවා.
මෙම ඝාතනය වෙනත් ස්ථානයක සිදු කර මළ සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පවසනවා.ඊට හේතුව වී ඇත්තේ මළ සිරුර තිබූ ස්ථානයේ ඝාතනයක් සිදු කරණ ලද බවට සළකුණු කිසිවක් නොතිබීම බවද පොලීසිය පවසනවා.
ඝාතනයට ලක්වී ඇති අයගේ මළ සිරුර හදුනා ගැනීම සදහා දැනට මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

Related