එ.ජා.ප.-ශ්‍රී.ල.නි.ප. අත්සන් කළ අවබෝධතා ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනියි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මත සම්මුති ආණ්ඩුවක් හැදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලු...

https://www.sathhanda.com/2015/08/sri-lanka-coalition-government_92.html
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මත සම්මුති ආණ්ඩුවක් හැදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් ගෙන එන ලද 19 වෙනි සංශෝධනය අනුව ව්‍යවස්ථාවට පටහැනි බව බැලු බැල්මටම පෙනී යයි.
19 වන ව්‍යවස්ථාවේ 46 වන ව්‍යවස්ථාවෙන් විග්‍රහ කර ඇත්තේ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙනි. එහිදී ඇමැති මණ්ඩලය 30 ක් විය යුතු යැයි දක්වා ඇති අතර සම්මුති ආණ්ඩුවක් ගොඩ නගන්නේ නම් එම ගණන ඉක්මවා යා හැකි යයි දක්වා ඇත. එහිදී 46 (3) යටතේ දී එකී සම්මුති ආණ්ඩුව හැදීම සම්බන්ධයෙන් මෙසේ විස්තර කර ඇත.
“46 (3) මේ ව්‍යවස්ථාව බලාත්මකභාවයට පත් වූ ඉක්බිතිවම පවත්වනු ලබන මහ මැතිවරණයක අවසානයේදී පාර්ලිමේන්තුවේ වැඩිම අසුන් සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමද දෙවන වැඩිම අසුන් සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමද ජාතික එක්සත් භාවයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට එකඟවුවහොත්, එවැනි අවස්ථාවකදී (1) වන අනුව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද, පාර්ලිමේන්තුව එවැනි වැඩි කිරීමට එකඟවන්නේ නම්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාවද එකී පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ දිනයෙන් සති දෙකක් ඇතුළත, පිළිවෙලින් හතලිස් පහේ සිට පනස් පහ දක්වා වැඩිකළ හැක්කේ ය.“
මෙහිදී පැහැදිලිව සඳහන් වන්නේ “පාර්ලිමේන්තුවේ වැඩිම අසුන් සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමද දෙවන වැඩිම අසුන් සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමද ජාතික එක්සත් භාවයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට එකඟවුවහොත්,“ යනුවෙනි.
17 දා මැතිවරණයෙන් දෙවැනි අසුන් සංඛ්‍යාව ලබා ගත් පිලිගත් දේශපාලන පක්ෂය වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ලේකම් වරයා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වරයා සමග මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වරයා සමග නොවේ. මන්ද යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙකී මැතිවරණයට පිලිගත් දේශපාලන පක්ෂයක් ලෙස තරඟ කර නැත. එය අන්තර් ගත වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පිලිගත් දේශපාලන සංධානය තුලය.
Related