ප්‍රබල ඇමැතිකම් නුදුන්නොත් අපි ජාතික ආණ්ඩුවට නෑ - මහින්ද අමරවීර
ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර ලබා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රබල ඇමැති ධුර ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලනිපය ජාතික ආණ්ඩුවට එකතු විය යුතු නොව...

https://www.sathhanda.com/2015/08/mahinda-amaraweera.html
ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර ලබා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රබල ඇමැති ධුර ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලනිපය ජාතික ආණ්ඩුවට එකතු විය යුතු නොවන බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ බහුතර බලය ලබා ගත නොහැකි වූ නිසාවෙන් බහුතරය සම්පූර්ණ කිරීමට යැයි කියමින් 'රොඩු' භාරගත යුතු නැති බවද අමරවීර මහතා සඳහන් කෙළේය.
එමෙන් පසුගියවර ජාතික ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කළ පිරිස් අද වන විට ඇමැති ධුර ලබා ගැනීමට අරලියගහ මන්දිරයට යන එන බවට තොරතුරු වාර්තා වන බවද ඔහු කීය. කෙසේ වෙතත් පක්ෂයේ මතයට ගරු කරනවා යැයි කියමින් හෘද සාක්ෂියට එරෙහිව කිසිවකුත් කටයුතු නොකළයුතු බවත් අවශ්‍ය වන්නේ නම් විපක්ෂයේ සිටීමට වුවද ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට හැකි බවත් මහින්ද අමරවීර මහතා පැවැසීය.
Related