දිනන බව දැනගත් නිසා සන්ධානය පරාජය කරන්න මම වැඩ කලා - ජනපති මෛත්‍රී

බුද්ධි අංශ වාර්තා අනුව සන්ධානයට ආසන 110 ක්‌ 115 ක්‌ ලබා ගැනීමට හැකිවන බව පසුගිය මැතිවරණයට පෙර අනාවරණයවූ බවත් මහින්ද අගමැතිවී තමන්ට යම් තර්ජ...

බුද්ධි අංශ වාර්තා අනුව සන්ධානයට ආසන 110 ක්‌ 115 ක්‌ ලබා ගැනීමට හැකිවන බව පසුගිය මැතිවරණයට පෙර අනාවරණයවූ බවත් මහින්ද අගමැතිවී තමන්ට යම් තර්ජනයක් වෙතැයි යන බිය තමන්ට පැවතුන හෙයින් තමන් මහින්ද රාජපක්ෂට විරුද්ධව ලිපියක් මැතිවරණයට ආසන්නව නිකුත් කල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් හමුවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදි වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කර තිබෙනවා.

“අපේ බුද්ධි අංශ වාර්තා අනුව සන්ධානයට ආසන 110 ක්‌ 115 ක්‌ විතර තියෙනව කියල මට දැනගන්න ලැබුණ. ඔය වෙලාවෙම තමයි සන්ධානෙ හිටපු සමහර දේශපාලනඥයො මගේ නම කිය කිය දේශපාලන වේදිකාවල කෑගහන්න පටන් ගත්තෙ. සමහරු දිනලා මහින්ද අගමැති කරල ඉවරවෙලා මට කරන දේවල් ගැන වේදිකාවෙ එළිපිටම කියන්න පටන් ගත්තා. මටත් යම්කිසි චකිතයක්‌ ඇතිවුණා.

අන්න ඒ වෙලාවෙ තමයි මම අර විදිහෙ ලියුමක්‌ එවන්නෙ. සන්ධානයේ හා ශ්‍රීලනිපයේ ලේකම්වරු වෙනස්‌ කරන්න පියවර ගන්න කියල උපදෙස්‌ දෙන්නෙ. මහින්දට අවාසි වෙන විදියට යම් යම් ප්‍රකාශ නිකුත් කරන්නෙ. ඒවා ඒ වෙලාවෙ සිද්ධවුණා. මම දන්නවා ඒවා සමහර විට සන්ධානයේ ඉදිරි ගමනට යම් තර්ජනයක්‌ එල්ල වෙන්න ඇති.”



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Betrayed the country, its people, SLFP, UPFA and its supporters. Biggest ever betrayer in the recent history

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 3147914920310232217

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item