හමුවූ කොටස MH370 බවට තහවුරුවෙයි [VIDEO]
ඉන්දීය සාගරයේ මැඩගස්කර් දිවයිනට ආසන්නයේ පිහිටි රියුනියන් දිවයිනෙන් පසුගිය 29 හමුවූ ගුවන් යානා කොටස්, අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ...
https://www.sathhanda.com/2015/08/mh370-found-reunion.html
ඉන්දීය සාගරයේ මැඩගස්කර් දිවයිනට ආසන්නයේ පිහිටි රියුනියන් දිවයිනෙන් පසුගිය 29 හමුවූ ගුවන් යානා කොටස්, අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේම කොටස් බවට මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් තහවුරු කර තිබෙනවා. ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පියාසර කරමින් තිබියදී මලයාසියානු ගුවන් සමාගමට අයත් මෙම යානය පසුගිය වසරේ මාර්තු 8 වන දා අතුරුදන්වුණා. ඉන් අනතුරුව මෙම ගුවන් යානය සොයා පුළුල් මෙහෙයුමක් සිදුකළ අතර ගුවන් යානයේ කොටසක් හෝ එය අතුරුදන් වූ බවට කිසිදු සාක්ෂියක් සොයාගැනීමට පසුගිය කාලසීමාව තුළ හැකිවූයේ නැහැ.
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී එම්.එච්. 370 ගුවන් යානය අතුරුදන් විය.
ඉන්දියානු සාගරයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි දූපතක් වන ලාරී යූනියන් වෙත ගුවන් යානා කොටස පසුගියදා ගොඩගසා තිබිණි.


Related