චම්පික ලංකාදීපෙට ෆෝන් බෙදයි - මැතිවරණ අල්ලස්

යහපාලනයට අත වනා මැතිවරණ නීතිය අකුරටම පිලිපැදිය යුතුයැයි පාරම්බාන, එසේම පැවැති රජයේ සිල් රෙදි බෙදීම් හා සාරි කුඩ බෙදීම් පිළිබද වේදිකාවක් ව...

යහපාලනයට අත වනා මැතිවරණ නීතිය අකුරටම පිලිපැදිය යුතුයැයි පාරම්බාන, එසේම පැවැති රජයේ සිල් රෙදි බෙදීම් හා සාරි කුඩ බෙදීම් පිළිබද වේදිකාවක් වේදීකාවක් පාසා දෙස් දුන් ජාතික හෙළ උරුමය පක්ෂයේ ලේකම් පාඨලී චම්පික රණවක පෙරේදා (03) විජය පුවත්පත් සමාගමට අපූරූ තෑග්ගක් ලබාදී ඇති බව වාර්තාවේ.

එම ආයතනයේ ලංකාදිප, දේශය, අද dailymirror යන පුවත්පත් හි සේවයේ නියුතු සියලු මාධ්‍යවේදීන් සදහා ඔහු සැම්සුන් ගැලැග්සි ජංගම දුරකථනය බැගින් බෙදා දි ඇති බව වාර්තාවේ. මාධ්‍යවේදීන්ගේ සිත් ගැනීම හා ඔහු වෙනුවනේ ලිවීම සදහා මෙම මැතිවරණ අල්ලස යහපාලනය සම්බන්ධයෙන් කට මැත දොඩවන හෙළ උරුමයේ හා එක්සත් ජාතික පෙරමුණෙහි මෛත්‍රීවාදී කණ්ඩායම කෙසේ අර්ථ දක්වන්නේද යන්න ගැටළුවක් පවතී.
එසේම මෙය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක්ද වේ. බොහෝ මාධ්‍ය වේදී හිතවතුන් මෙම දුරකථනය හිස් මුදුනින් භාරගෙන ඇතත් ඇතැම් මාධ්‍ය වේදීන් එය නැවත ලබාදීමට පියවර ගෙන තිබීම මාධ්‍ය සදාචාරය තවමත් පිළිණු නොවුනු දෙයක් බව කියා පාන්නක් බවද පැවසිය යුතුව ඇත.

මේ අතර චමිපික ඇමැතිවරයාගේ උපන් දිනය යෙදි තිබූ ඊයේ (4) දිනයේදී මාධ්‍ය ආයතන කිහිපයක් වෙත තෑගි පාර්සල් යවා ඇති බවත් එසේ බෙදා හරිනු ලැබූ ත්‍යාගයෙහි චම්පික ඇමැතිවරයාගේ මනාප අංකයද සටහන් කොට තිබූ බවටද තොරතුරු වාර්තාවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8080403625168312533

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item