LTTE ය කලේ ළමා සොල්දාදුවන් බදවා ගැනීම විතරයි, යුද අපරාධ නිර්දේශවලට රජයෙන් අනුමැතිය
සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර...
https://www.sathhanda.com/2015/08/sri-lanka-war-crimes-un-report.html
සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. මේ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී තිබේ. පසුගිය රජය මෙම පරීක්‍ෂණ මණ්‌ඩලය හා එකී වාර්තාව පිළිගැනීම ප්‍රතික්‍ෂේප කර තිබිණි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු යෑයි දක්‌වන නිර්දේශ 70 ක් එකී වාර්තාවට ඇතුළත් වී ඇත.
කොටි සංවිධානය සිදු කළ වරද ලෙස දක්‌වා ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම බවද එහි දක්‌වා තිබේ. මෙකී වාර්තාවෙන් සුදු කොඩි සිද්ධිය පිළිsගෙන ඇත. එහි ප්‍රධාන සාක්‍ෂිකරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් යෑයි හෙළිවී තිබේ.


Related