අබුද්දස්ස කාලේ උපන් සවුත්තු පුතෙක්

මවට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර මව ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නට යමින් සිටියදී ඇගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලාගිය පුත්‍රයකු මාලිගා...

මවට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර මව ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නට යමින් සිටියදී ඇගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලාගිය පුත්‍රයකු මාලිගාවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
35 හැවිරිදි සැකකාර පුත්‍රයා මාලිගාවත්තේ ස්ථානයක රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව එහි ගොස් කොටුකරගත් බවට පොලිසිය කියයි.
පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද මවගේ ගෙල බැඳි පවුම් දෙකහමාරක් බරැති රන්මාලය මරදානේ ප්‍රසිද්ධ උකස් බඩු මධ්‍යස්ථානයකට උකස්කර තිබියදී සොයාගත් බවද පොලිසිය පැවැසීය. සැකකාර පුත්‍රයා විවාහකයකු බවත් ඔහුටද පුතකු සිටින බවත්, අනාවරණය වී ඇත.
සැකකරුගේ බිරිය ඔහු අතහැර වෙනම ජීවත්වන බවද අනාවරණය විය.


මෙම සිද්ධිය වූ දිනයේදී සැකකාර පුත්‍රයා සිය මව බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවරයක් කරන්නට උත්සාහ දරා ඇති අතර ඇය ඔහුගෙන් බේරී මේ ගැන පොලිසියට පැමිණිලි කරන්නට නිවෙසින් පිටව යෑමට උත්සාහ දරා ඇත.
එහිදී සැකකාර පුත්‍රයා තම මවගේ ගෙල බැඳී රන්මාලය කොල්ලකා පලාගොස් තිබූ බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය විය.
මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී.එම්.ඒකනායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක විමල් දේවනාරායන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක නාමසිරිරත්න, පොලිස් සැරයන් බාලසූරිය (6247) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. What is happening to the country? Hopefully Sobitha and Rathana can stop this (Through politics) or by preaching? These things never happened in mt country before 1980's.We had a great respect for all mothers not only my mother. When we were young we allowed them to get into the bus first. We gave our seat to them. In 1982 I found how young people were pushing the mothers, old seeyas and little children to get into a bus.Private bus drivers also valued 50 cents more than a human life.These things have to be stopped.

    ReplyDelete

emo-but-icon

Related

Gossip 7868406589912034418

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item