"ONE" a gathering of unities චම්පිකගේ ජායාරුප එකතුවක් එළිදකි

මෙවර එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත්වී සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගනු ලැබූ ජායාරුප එකතුවක් "ONE" ...


මෙවර එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත්වී සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගනු ලැබූ ජායාරුප එකතුවක් "ONE" a gathering of unities නමින් පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

මෙහිදී අදහස් දැකවූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,
"පාඨලී චම්පික රණවක මා හිතවත් මිත‍්‍රයා මා හඳුනාගන්නේ ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ. ඒ කාලයේ රොස්මිඞ් පෙදෙසේ සිරිමාවෝ බණ්ඩාරණාක සහ අනුර බණ්ඩාරනායක සමග මා බොහෝ සමීපව කටයුතු කළ අවස්ථා වලදී පාඨලී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස එහි ආගිය කෙනෙක්. එදා මෙදා පටන් කාලය තුළ මා බොහෝ අවස්ථාවල ඔහු හඳුනාගත්තා." යයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර සිටියේ,
"අපි ගල් යුගයේ සිට ලෝකඩ යුගයට ගමන් කළ අය නෙමෙයි. කෙළින්ම යකඩ යුගය වෙත ගමන්කළේ. වාස්තු විද්‍යාඥයින් නිර්මාණය කළ පිරිසක් බවට පත්වුණා. ජල විද්‍යාව ඉතාම දියුණූ මට්ටමක තිබුණේ අපේ රටේ විතරයි. අප රට තුළ පවතින මහා ධන නිධානය, ජෛව විවිධත්වය මේ රට ආදර්ශ රටක්, නියමු රටක් ලෙස අනාගතයේ ගොඩනැගීමට අවශ්‍ය වෙනවා" යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය කරු ජයසූරිය මහතා, මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය රොහාන් ලූකස් මහතා, මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඇතුළු මහත්මහත්මීන් පිරිසක් සහභාගී වූහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6900034123982479414

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item