පුත්තලම රෝහල් අධ්‍යක්ෂකගේ බත් පතේ පණුවෝ - වගකීමක් නැති ශ්‍රී ලාංකිකයෝ
ලංකාවේ බොහෝ මිනිසුන් තම රාජකාරිය සහ සේවාව වගකීමකින් සිදු කරනු දකින්නට නොලැබෙන තරම්ය. සියලු දේ කරනු ලබන්නේ කීයක් හරි ලේසියෙන් හොයාගෙන අලසව ජ...
https://www.sathhanda.com/2015/08/puttalam-hospital-director-lunch-packet.html
ලංකාවේ බොහෝ මිනිසුන් තම රාජකාරිය සහ සේවාව වගකීමකින් සිදු කරනු දකින්නට නොලැබෙන තරම්ය. සියලු දේ කරනු ලබන්නේ කීයක් හරි ලේසියෙන් හොයාගෙන අලසව ජීවත් වීමටය. තමන් කරන කිසිම දෙයක් ගැන වගවීමක් නොමැත. අනික් මිනිහා ගැන තුට්ටුවකට මායිම් නොකරයි. දිනකට අසන්නට ලැබෙන සිය ගානක මෙවන් සිදුවීම් වලින් එක් සිදුවීමක් පහතින් දැක්වේ.
පුත්තලම නගරයේ පිහිටි ප්‍රසිද්ධ නවාතැන් පහසුකම් හා ආහාරපාන සපයන ස්ථානයකින් (12) වන දින පුත්තලම රෝහල් අධ්‍යක්ෂක වරයාගේ දිවා ආහාරය සදහා රැගෙනවිත් තිබූ කෑම පාර්සලයේ නිර්පද්‍රිත ඉහද පණුවෙකු දක්නට ලැබුණු බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වරයා වෙනදා සුපුරුදු පරිදි තම නිවසෙන් දිවා ආහාරය රැගෙන එන නමුත් එදින දිවා ආහාරය රැගෙන ඒමට නොහැකිව යාමෙන් පළමු වතාවට මෙසේ දිවා ආහාරය මිළදී ගෙන තිබූ බව කියයි.
(12) වන දින එසේ රැගෙන ඒමට නොහැකි වීමෙන් රෝහලේ සේවකයෙකු යොදවා පුත්තලම නගරයේ ප්‍රසිද්ධ හා ප්‍රබල පෙලේ නවාතැන් පහසුකම් සපයන ගෙස්ට් ඉන් රෙස්ටුවරන්ට් එකකින් දිවා ආහාරය රැගෙන විත් ඇති අතර, එම ආහාරය කෑමට ගැනීමේදී ඒ තුල තිබී රෝහල් අධ්‍යක්ෂක වරයාට බත් ඇට වලට සමාන පණුවෙකු හමූ වී ඇති බව කියයි.
පසුව රෝහල් අධ්‍යක්ෂක වරායා අදාල පණුවා ඉහද පණුවෙකු බවට හදුනාගෙන ඇති බවත්, මෙවැනි පණුවන් කුණු කාණු මල අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානවල හා අපිරිසිදු ස්ථාන වල දක්නට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පවසයි.
Related