රවිට තව ලෙඩක් - බ්ලූමැන්ඩල් පෙළපාලිය ගැන මැ.කො. පරීක්‍ෂණ අරඹයි

මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් පසුගියදා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගමන් කරන අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්‌ වූ...

මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් පසුගියදා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගමන් කරන අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්‌ වූ පෙළපාලිය නීති විරෝධී එකක්‌ බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්‌ වරයා තීරණය කර ඇත.

අපේක්‍ෂකයකුට ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට යැමට අවසර දී ඇත්තේ පුද්ගලයන් 25 දෙනකුගේ උපරිමයකට යටත්ව වන අතර මෙම සිද්ධිය වන අවස්‌ථාවේ එහි පුද්ගලයන් හාරසියයකට වැඩි පිරිසක්‌ ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

එමෙන්ම මැතිවරණය අවසන් වනතෙක්‌ දේශපාලන පක්‍ෂවලට පෙළපාලි යැම ද තහනම් කර තිබේ. එසේ තිබියදී මෙලෙස පෙළපාලි යැම නීති විරෝධී බව ද හෙතෙම කීය.

මෙම පෙළපාලියේ වීඩියෝ දර්ශන ද මාධ්‍ය ආයතනයකින් ලබාගැනීමට මැතිවරණ කොමසාරිස්‌වරයා පියවර ගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3224898831115353778

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item