'මැතිවරණ කොමසාරිස් මගේ පස්සෙන්මයි' - බදියුදීන්

මැතිවරණ කොමසාරිස්වරයා තමන් පසුපසම සිටින බවත් එම කාර්යාලයේ නිලධාරීන් තමන්ව ලුහුබඳින බවත් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසය...

මැතිවරණ කොමසාරිස්වරයා තමන් පසුපසම සිටින බවත් එම කාර්යාලයේ නිලධාරීන් තමන්ව ලුහුබඳින බවත් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ වවුනියාව, තේක්කවත්තේ පිහිටි එක්සත් ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය. 

මැතිවරණ කොමසාරිස්වරයාට අමතර ව තමන් පසුපස රහස් පොලිස් නිලධාරීන් ද ලුහුබඳින බවත් හෙතෙම සඳහන් කළේ ය.

තමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව අතහැර ගියේ ඔහු දෙවැනි වරට බලයට පත්වීමෙන් පසුව උතුරේ ජනතාවට වූ පොරොන්දු කිසිවක් ඉටු නොකළ නිසා බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජය යටතේ දියත් කළ දින 100 වැඩසටහන තුළින් උතුරේ ජනතාවට මෙන්ම මුලුමහත් දිවයිනේම ජනතාවට විශාල වැඩ කොටසක් සිදු වූ බවත් ඔහු පැවසුවේ ය.

එක්සත් ජාතික පෙරමුණට මෙවර මහමැතිවරණයේ දී මන්ත්‍රී ආසන 120 කට වඩා ලබාගෙන පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍යවරයාවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මිස වෙනත් කවරෙකුවත් නොවන බවත් මෙම මැතිවරණය තුළින් සියලු ජාතිවාදී අදහස් ආකල්ප බැහැර කරන බවත් බදියුදීන් මහතා පෙන්වා දුන්නේ ය.

මහින්ද රාජපක්ෂ මහතා පරාජයවීමට මූලික හේතුව බොදුබල සේනා සංවිධානය සහ ඒ වටා එක්වුණු සෙසු ජාතිවාදී බලවේග බව ද ඔහු එහි දී ප්‍රකාශ කළේ ය. මේ නිසා තමන් හෝ රජය සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදය පිළි නොගන්නා බවත් ජාතිවාදය මුලුමනින්ම බැහැර කරන බවත් හෙතෙම එහි දී කියා සිටියේ ය.

උතුරේ බොහෝ දේශපාලනඥයින් මෙන්ම දකුණේ දේශපාලනඥයින් ද ජාතිවාදය පෙරදැරි කර ගනිමින් දේශපාලනයේ නිරත වූ බව උදාහරණ සහිත ව පෙන්වා දුන් රිෂාඩ් බදුයුදීන් මහතා දෙමළ ජාතික සන්ධානය කළේ ද ජාතිවාදය අවුස්සාලමින් අහිංසක දෙමළ ජනතාව රැවටීම බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2868125187533255949

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item