සංගා 'බිරිඳ සමග අනාචාරයේ හැසිරුණු බව' ඥාණසාර හිමි කිව්වේ නැතිලු

කුමාර සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා මොහොතේ සිය බිරිඳව සිප වැළඳ ගත් ආකාරය ඔබට මතක ඇති. Bodu Jana Peramuna නම් ෆේස්බුක් පිටුවේ මෙම...

කුමාර සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා මොහොතේ සිය බිරිඳව සිප වැළඳ ගත් ආකාරය ඔබට මතක ඇති.

Bodu Jana Peramuna නම් ෆේස්බුක් පිටුවේ මෙම සිප වැළඳ ගත් ආකාරය දැඩිව දෝෂදර්ශනයට ලක් කර තිබූ අතර "අපේ රට දිහා බලන් ඉන්න වෙලාවේ බිරිඳ සමග අනාචාරයේ හැසිරෙමින් සිදුකළේ හරිම තුප්පහි වැඩක්"ලෙසින් එහි සඳහන් කර තිබුණේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශයක් ලෙසයි.

"සංගක්කාර අපි ඔබව අපේ රට ජාත්‍යන්තරයට ගෙන ගිය හොඳ ක්‍රීඩකයෙක් ලෙස දකිනවා. ඔබ වැදගත් මහත්මයෙක්. ඒත් ඔබ මුලු ලෝකෙම අපේ රට දිහා බලන් ඉන්න වෙලාවේ බිරිඳ සමග අනාචාරයේ හැසිරෙමින් සිදුකළේ හරිම තුප්පහි වැඩක්. ජඩ වැඩක්. බලු වැඩක්. භික්ෂූන් වහන්සේලා පවා බලන් ඉන්න බව තේරෙන්නේ නැද්ද? ඔබගේ හොඳ දේට ප්‍රසංශා කරනවා මෙන්ම අසික්කිත වැඩ හෙළා දකින්නත් විසි හතර දාහක් බොදු බල සේනා සාමාජිකයින් සූදානම්ව ඉන්න බව මතක තියා ගන්න."

- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි.

ඉහත සටහන සම්බන්ධයෙන් බොදු බල සේනා සහ බොදු ජන පෙරමුණේ නිල ෆේස්බුක් පිටු මගින් කරුණු පැහැදිලි කිරීමක් අද (26) දිනයේ දී සිදුකර තිබූ අතර බොදු බල සේනා සංවිධානයේ කිසිවෙකු විසින් කුමාර සංගක්කාරගේ සමුගැනීම පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඉන් දන්වා තිබුණා.

"බොදු බල සේනා සංවිධානයේ කිසිවෙකු විසින් ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතාගේ සමුගැනීම පිලිබදව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. බොදු බල සේනා සංවිධානය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අසත්‍ය පුවත් මවන පුද්ගලයින් අප හදුනාගන ඇති අතර ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇත." යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වනවා.

Bodu Jana Peramuna නම් ෆේස්බුක් පිටුවේ පළවූ සටහන 




බොදු බල සේනා නිල ෆේස්බුක් පිටුවේ කරුණු පැහැදිලි කිරීම 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 8293484716495920003

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item