සංගා තම අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී ලකුණු 32කට දැවී යයි
සිය අවසන් ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පළමු ඉනිම අද ලකුණු 32 කට සීමා විය. ඉන්දු – ශ්‍රී...

https://www.sathhanda.com/2015/08/sangakkara-out-for-32-final-test-match.html
සිය අවසන් ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පළමු ඉනිම අද ලකුණු 32 කට සීමා විය.
ඉන්දු – ශ්‍රී ලංකා 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය, අද දෙවැනි දිනය සඳහා නතර කරන විට, පළමු ඉනිමට ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 140 කි.
තරගය කොළඔ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 319 ක් රැස් කර ගෙන සිටියේය.
ඉන්දිය පළමු ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 74 තුළදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණු අතර ඉන්දිය කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 393 කි.
රංගන හේරත් ලකුණු 81 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
Related