කැබිනට් ඇමතිධුර ගණන තීරණය වන්නේ පාර්ලිමේන්තුව රස්කිරීමෙන් හා පාර්ලිමේන්තු අනුමැතියකින් පසුව?
දහනව වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව යෝජිත ජාතික ආණ්‌ඩුවේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව සියයකට සීමා කිරීමට සිදුව ඇති...
https://www.sathhanda.com/2015/08/sri-lanka-cabinet-ministers.html
දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ 46 (1) (අ) සහ (ආ) යන වගන්තියට අනුව කැබිනට් මණ්‌ඩලයේ මුළු ඇමැතිවරුන් සංඛ්‍යාව තිහ නොඉක්‌මවිය යුතුය. එමෙන්ම කැබිනට් නොවන ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවේද එකතුව හතළිහ නොඉක්‌මවිය යුතුය. ඒ අනුව ආණ්‌ඩුවේ සම්පූර්ණ ඇමැතිධුර හා නියෝජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාව හැත්තෑවකි.
එහෙත් දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක වීමෙන් පසුව පවත්වන මහ මැතිවරණය අවසානයේදී පාර්ලිමේන්තුවේ වැඩිම අසුන් සංඛ්‍යාව ලබා ගන්නා දේශපාලන පක්‍ෂය දෙවැනි වැඩිම අසුන් සංඛ්‍යාව ලබා ගන්නා දේශපාලන පක්‍ෂය සමඟ එක්‌සත් භාවයෙන් යුත් ආණ්‌ඩුවක් (ජාතික ආණ්‌ඩුවක්) පිහිටුවීමට එකඟ වූවොත් ඇමැතිධුර සහ නියෝජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාව හැත්තෑවේ සිට සියය දක්‌වා ඉහළ දැමිය හැකිය. ඒ බව දහනව වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ 46(3) වගන්තියෙන් පෙන්වා දී තිබේ.
ඒ අනුව ජාතික ආණ්‌ඩුවේ කැබිනට් ඇමැතිධුර සංඛ්‍යාව 45 දක්‌වාද කැබිනට් නොවන ඇමැතිධුර හා නියෝජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාව 55 දක්‌වාද ඉහළ දැමීමට හැකිය.
ඒ අනුව ජාතික ආණ්‌ඩුවකදී කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිධුර හා නියෝජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාව තිහකින් වැඩිවන අතර එයද සිදුකළ හැක්‌කේ පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් පමණි. ඒ අනුව ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීමේ දිනයේ සිට සති දෙකක් ඇතුළත ජාතික ආණ්‌ඩුවක් වෙනුවෙන් ඉහත ඇමැතිධුර හා නියෝජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාව තිහකින් ඉහළ දැමීම කළ හැකි බවද දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ සඳහන්ය.


Related