ජාතික ලැයිස්තුව ගැන සුසිල් කනස්සල්ලෙන්

සන්ධාන ජාතික ලැයිස්තුවට සන්ධාන හවුල්කාර පක්ෂවල අත්‍යවශ්‍ය නියෝජිතයින් පත්කිරීම සිදුනොවීම ගැන සන්ධාන හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා...

සන්ධාන ජාතික ලැයිස්තුවට සන්ධාන හවුල්කාර පක්ෂවල අත්‍යවශ්‍ය නියෝජිතයින් පත්කිරීම සිදුනොවීම ගැන සන්ධාන හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා සිය කණගාටුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉකුත් මහමැතිවරණයේදී මන්ත‍්‍රීධුර 95 හිමිවුයේ සන්ධෘනයේ පක්‍ෂ එකට තබාගෙන මැතිවරණයේ නිරතවීමේ ප‍්‍රතිඵලයක් ලෙස බවයි.

කෙසේවෙතත් මැතිවරණයට දින දෙකකට පෙර අධිකරණ නියෝගයක් ලැබීම හේතුවෙන් ඒ අනුව කටයුතු කිරීමට සිදුව ඇති බවද සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පැවසුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව ඊයේ ප‍්‍රකාශකයට පත් කෙරුණා. මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අනුදැනුමෙන් ඊට අත්සන් තබා තිබුණේ ද සුසිල් පේ‍්‍රමජයන්ත් මහතායි.

මහමැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ගණන 12ක්. 

කෙසේවෙතත් මේ සඳහා නම්කර ඇති නියෝජිතයින්ගෙන් 07 දෙනෙකුම මැතිවරණයේදී පරාජයට පත්වු අය වීම විශේෂත්වයක්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුලත් වු හවුල්කාර පක්‍ෂවල නියෝජිතයින් වු මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, 
ප‍්‍රභා ගනේෂන්, රෙජිනෝල්ඞ් කුරේ, ජේ.සී රංගා සහ පියසිරි විජේනායක ඇතුළු පිරිසකට මන්ත‍්‍රීධූර හිමිවුයේ නැහැ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3540114550057403131

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item