අපට ඡන්දය අඩුවුණේ මේ මැතිවරණ ක්‍රමයේ අවුලෙන් - ටිල්වින් සිල්වා

"ජනතා විමුක්‌ති පෙරමුණට මෙවර මැතිවරණයෙන් ඡන්ද ලක්‍ෂ 5 1/2 ක්‌ ලැබුණත් හිමි වුණේ මන්ත්‍රී ආසන 6 ක්‌ පමණයි. එහෙත් උතුරේදී ඡන්ද ලක්‍ෂ 5 1...

"ජනතා විමුක්‌ති පෙරමුණට මෙවර මැතිවරණයෙන් ඡන්ද ලක්‍ෂ 5 1/2 ක්‌ ලැබුණත් හිමි වුණේ මන්ත්‍රී ආසන 6 ක්‌ පමණයි. එහෙත් උතුරේදී ඡන්ද ලක්‍ෂ 5 1/2 ක්‌ ලබාගෙන ඇති දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ආසන 16 ක්‌ හිමිවී තිබෙනවා. මේ මැතිවරණයේදී ජ.වි.පෙ. ට මන්ත්‍රී ආසන අඩුවීමට මේ ඡන්ද ක්‍රමයේ පවතින අවුල් සහගත බවත් බලපා තිබෙනවා" යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

තව දුරටත් අදහස් වූ ඔහු,

"මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අපට ලොකු පරාජිත හැඟීමක්‌ හරි, ජයග්‍රාහී ස්‌වභාවයක්‌ හරි නැහැ. අපි මෙවර ඡන්ද ලක්‍ෂ පහමාරක්‌ පමණ අරගෙන තියෙනවා. මන්ත්‍රී ධුර 6 ක්‌ අපට ලැබිල තියෙනවා. අපේ රටේ මැතිවරණ ක්‍රමයේ ස්‌වභාවය අනුව ටී. එන්. ඒ. එක ඡන්ද ලක්‍ෂ පහමාරක්‌ ගන්නකොට ඔවුන්ට මන්ත්‍රී ධුර 16 ක්‌ ලැබිල තියෙනවා. අපි ඡන්ද ලක්‍ෂ පහමාරක්‌ ගන්න කොට අපට ලැබුණේ මන්ත්‍රී ධුර 6 යි. අපට ඡන්ද ලක්‍ෂයකට එක මන්ත්‍රීවරයෙක්‌ ලැබිල තියෙනවා. හැබැයි එක්‌සත් ජාතික පක්‍ෂය ගත්තොත් ඔවුන්ට ඡන්ද 50,000 කට එක මන්ත්‍රීවරයෙක්‌ ලැබිල තියෙනවා. ඒ නිසා අපට ඡන්ද ඇවිල්ල තියෙනවා. නමුත් ඒ ප්‍රමාණයට මන්ත්‍රී ආසන ලැබිල නැති එකේ ප්‍රශ්නයකුත් තියෙනවා. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අපට තව ඡන්ද 700 ක්‌ වැඩියෙන් ලැබුණා නම් මන්ත්‍රී ආසනයක්‌ හිමිවෙනවා. අපට මාතර දිස්‌ත්‍රික්‌කයේ තව ඡන්ද 1500 ක්‌ ලැබුණා නම් මන්ත්‍රී ධුරයක්‌ ලැබෙනවා. මහනුවරත් එහෙමයි. කුරුණෑගලත් එහෙමයි අනුරාධපුරෙත් එහෙමයි. කුරුණෑගල අපට ඡන්ද 41000 ක්‌ තියෙනවා. 41000 ක්‌ තිබුණත් 5% පැන්නෙ නැති නිසා අපට මන්ත්‍රී ධුරයක්‌ ලැබුණේ නැහැ. සමහර පක්‍ෂවලට ඡන්ද 20,000 ටත් මන්ත්‍රී ආසන ලැබිල තිබුණා. ඒ වගේ මේ මැතිවරණ ක්‍රමයේ තිබෙන අවුල් සහගත ස්‌වරූපයත් අපේ ඡන්ද ප්‍රතිඵලවලට බලපාල තියෙනවා. නැතිනම් ඡන්ද ලක්‍ෂ පහමාරක්‌ ලැබිල තිබියදි මන්ත්‍රීකම් 10 ක්‌ හෝ 12 ක්‌ වත් ලැබෙන්න ඕන. අපි බොරු පොරොන්දු දෙන්නෙ නැතුව බඩු බෙදන්නේ නැතුව අල්ලස්‌ දෙන්නෙ නැතුව ප්‍රතිපත්තිවලට ඡන්ද ලක්‍ෂ පහ මාරක්‌ ලබාගෙන තියෙනවා. ඒක අපට ලොකු හයියක්‌. ඒ විතරක්‌ නෙවෙයි ඒ සඳහා අපට එකතු වූ ලොකු බලවේගයක්‌ තියෙනවා." යයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2835940000774967640

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item