ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවයි - ඇමති ධූර ගැන හෙට තීන්දුවක් ගනී
ජාතික සහයෝගීතා ආණ්ඩුවේ අමාත්‍යධුර ලබා ගැනීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීප...
https://www.sathhanda.com/2015/08/sri-lanka-freedom-party_27.html
ජාතික සහයෝගීතා ආණ්ඩුවේ අමාත්‍යධුර ලබා ගැනීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පස්වරුවේ රැස්විමට නියමිතයි.
එහිදී ආණ්ඩුවේ තනතුරුවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පත් කිරීමේ යෝජනා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව ජාතික සහයෝගීතා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මීට සතියකට පමණ පෙර තීරණය කර තිබිණ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇත. එම අවබෝධතා ගිවිසුම ද හෙට පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට අමතරව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්විමේ දී සාකච්ඡා කිරීමට නියමිත ව තිබේ.


Related