රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනා ඝාතනය කිරීමට සැකකරු පැමිණි අයුරු [VIDEO]
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ මොනීටාහිදී සජීවි රූපවානී වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු එම...
https://www.sathhanda.com/2015/08/verginia-shooting.html
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ මොනීටාහිදී සජීවි රූපවානී වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු එම ස්ථානයට පැමිණෙන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වී තිබේ.
මෙම වෙඩි තැබීමෙන් WDBJ7 නාලිකාවේ වාර්තාකාරිණය සහ කැමරා ශිල්පියා ජීවිතක්ෂයට පත් වූ අතර සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් සිටි කාන්තාව බරපතළ තුවාල ලබා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ මාධ්‍යවේදීන් ඝාතනය කළ සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව ය.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති සැකකරු ද එම රූපවාහිනී නාලිකාවේ ම හිටපු සේවකයෙකු බව ය.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ, ඇලිසන් පාකර් නමැති 24 හැවිරිදි වාර්තාකාරිණිය හා 27 හැවිරිදි ඇඩම් වෝර්ඩ් නම් කැමරා ශිල්පියා ය.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ, අදාළ රූපවාහිනී ආයතනයේ ම හිටපු සේවකයෙකු වන 41හැවිරිදි වෙස්ටර් ලී ෆ්ලැනගන් නමැති පුද්ගලයෙකු විසිනි.


Related