හැඳුනුම්පතේ V අකුර ඉවත් කර ඉලක්කම් 3 ක් එක් වේ
ජාතික හැඳුනුම්පතේ ලියාපදිංචි අංකය සමග යෙදෙන අකුර ළඟදීම ඉවත්වනු ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ...

https://www.sathhanda.com/2015/08/sri-lanka-national-id-card.html
ජාතික හැඳුනුම්පතේ ලියාපදිංචි අංකය සමග යෙදෙන අකුර ළඟදීම ඉවත්වනු ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව අකුර ඉවත් කොට ලියාපදිංචි අංකයට තවත් ඉලක්කම් තුනක් එක්වීමට නියමිතය. දැනට ජාතික හැඳුනුම්පතේ ලියාපදිංචි අංකය, අංක නවයකින් සහ වී අකුරකින් යුක්තය. 2016 වසර ලියාපදිංචි අංකයට යෙදීමේදී දැනට භාවිත කරන අංක ක්‍රමවේදය අනිවාර්යෙන් වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් නව අංක සහිත ලියාපදිංචිය වෙනස් කිරීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
කෙසේ වෙතත් අංක දොළහකින් යුතු ජාතික හැඳුනුම්පත හඳුන්වාදීමත් සමග සියලුම ජාතික හැඳුනුම්පත් හිමියන්ට ඉදිරියේදී සිය හැඳුනුම්පත් වෙනස් කර ගැනීමට සිදුවනු ඇතිබව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව කලින් සැලසුම් කළ ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පතට පෙර ජාතික හැඳුනුම්පත ප්ලාස්ටික් කාඩ්පතක් ලෙස නිකුත් කිරීමට නියමිත අතර, ලියාපදිංචි ගාස්තුවද ඒ අනුව ඉහළ යනු ඇතැයි පැවසේ.
රමේෂ් වරල්ලෙගම
Related