චමල් ගැන කියවෙන විපක්ෂනායක යෝජනාව කටකතා පමණයි - මහින්ද රාජපක්ෂ
හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතාට ඇමැති තනතුරක් හෝ විපක්‍ෂ නායක තනතුර ලැබෙන්නට යන බවට පැතිරෙන කතා නිල වශයෙන් කළ දැනුම් දීම් නොවන බව හිටප...

https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa_31.html
හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතාට ඇමැති තනතුරක් හෝ විපක්‍ෂ නායක තනතුර ලැබෙන්නට යන බවට පැතිරෙන කතා නිල වශයෙන් කළ දැනුම් දීම් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා "ඔය ආරංචිය මටත් ලැබුණා. ඊයේ මම චමල් රාජපක්‍ෂ මහතාගෙන් මේ ගැන විමසුවා. ඔහු මේ කතා ප්‍රතික්‍ෂේප කළා. කවුරුත් නිල වශයෙන් මේ ගැන කිසිම දැනුම් දීමක් නොකළ බව ඔහු කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි තත්ත්වය පිළිබඳව අප විමසූ විටදී මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ පක්‍ෂය ලොකු ප්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. විපක්‍ෂ නායක තනතුරට කුමාර වෙල්ගම මහතා සුදුසු බවට පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හුඟදෙනෙක් යෝජනා කර තිබෙනවා. අපි බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා. " යයි පැවසීය.
මේ අතර නවතම ආරංචි අනුව මේ වනවිට එස් බී දිසානායක, දුමින්ද දිසානායක සහ දයාසිරි ජයසේකරගේ නම්ද විපක්ෂනායක තනතුර සඳහා යෝජනාවී තිබේ.

Related