සුසිල්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට - සම්පූර්ණ ලිපිය මෙතනින්
එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ මහලේකම් ධූරයෙන් සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද ඉල්ලා අස්වුණා. සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජ...
https://www.sathhanda.com/2015/08/susil-premjayanth-resigned.html
එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ මහලේකම් ධූරයෙන් සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද ඉල්ලා අස්වුණා. සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තාවුණේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය මහමැතිවරණයට පෙර සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා සන්‍ධානයේ මහලේකම් ධූරයෙන් සහ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් ධූරයෙන් ඉවත් කළා.
එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ඇතැම් හවුල්කාර පක්‍ෂ කරුණු හරිහැටි අවබෝධකර නොගෙන ජනතාව නොමග යවන ස්වරූපයෙන් කටයුතු කිරීම පිළිබඳ තමා කණගාටුවට පත්වන බවද සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ජනාධිපතිවරයා වෙත යැවු ලිපියේ සඳහන්.
පසුගිය දින කිහිපය තුළ දී සන්‍ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමේදී ඇතිවු නෛතික සීමාවන් හේතුවෙන්, ගනුලැබු ඇතැම් තීරණ සඳහා තමාගේ දායකත්වයක් නොලැබුණු බවද සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා යැවු ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.


Related