සන්ධානය පොරොන්දු කඩලා - සන්ධානයේ වාමාංශික පක්ෂ කිහිපයක් රැස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර තමන්ට හිමි නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි සාමාජික වාමාංශික පක්‍ෂ කිහිපයක නාය...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර තමන්ට හිමි නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි සාමාජික වාමාංශික පක්‍ෂ කිහිපයක නායකයන් රැස්වීමක් කැදවා තිබෙනවා.

මෙම රැස්වීම කොළඹදී හෙට (24) පැවැත්වෙන බවයි ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පැවසුවේ. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර තමන්ට ලබා නොදීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පොරොන්දු කඩකර ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර ගණන 12 ක්. ඒවායින් මන්තී‍්‍ර ධුර 7 ක් සදහා මහමැතිවරණයෙන් පරාජිත අපේක්‍ෂකයන් නම් කෙරුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4657115975716879913

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item