ඇමති මණ්ඩලය වැඩි වීම ගැන ජවිපෙ විවාදයක් ඕනෙලු

ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. එ් අනුව ලබන 3 ව...

ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

එ් අනුව ලබන 3 වැනිදා කල් තැබීමේ විවාදයක් ලෙස එම විවාදය පැවැත්වෙනු ඇති. ජාතික ආණ්ඩුවේ ඇමති ධුර සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉල්ලා ඇති කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කිසිදු හවුල් ආණ්ඩුවකට සහාය ලබා නොදෙන බවත්, ජනතාව ලබාදුන් වරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන බවත් එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7652705821960417133

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item