TNA විපක්ෂ නායක කම ඉල්ලයි

එජාපය සහ ශ්‍රීලනිපය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කල හොත් විපක්ෂ නායක කම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බන්ධන්ට ලබා දිය යුතු බවට එම සන්ධ...

එජාපය සහ ශ්‍රීලනිපය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කල හොත් විපක්ෂ නායක කම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බන්ධන්ට ලබා දිය යුතු බවට එම සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

විපක්ෂනායක ධූරය දැරීම සදහා උපරිම සුදුසුකම් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට බවත් විපක්ෂයේ නායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් උපරිමයෙන් කටයුතු කරන බවද දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අමාත්‍යධූර දරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විපක්ෂනායකත්වය දැරීම සදාචාර සම්පන්න නොවන බව එහිදි දෙමළ ජාතික සන්ධානය විසින් පෙන්වාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය තුළදී දෙමළ ජාතික සන්ධානය ආසන 16ක් ජයග්‍රහණය කරනු ලැබුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 770172382545423036

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item