ගම්මන්පිලට ඡන්දෙට ගිය වියදම
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රීක්කය සඳහා තරඟ වැදුණු නීතිඥ උදය ගම්මන්පිල මහතා මනාප ඡන්ද 1,98,818 ක් ලබා ගන්මින් එම ලැයිස්තුවේ ද...

https://www.sathhanda.com/2015/08/udaya-gammanpila.html
මෙම මැතිවරණය සඳහා උදය ගම්මන්පිල මහතාට රුපියල් මිලියන 11 ක පමණ මුදලක් වැය වී තිබුණා. වරක් පක්ෂය මාරු කළ උදය ගම්මන්පිල මහතා මෙවර පිල මාරු කරන්නට සිතා සිටිනවාද?.
මේ ප්‍රශ්නවලට උදය ගම්මන්පිල මහතා පිළිතුරු දෙමින් පැවසුවේ මෙවැන්නක්.
“ සතයක්වත් මම මැතිවරණයට මගේ සල්ලි වැය කළේ නැහැ. සියලු මුදල් මට ලැබුණෙ පරිත්‍යාගයක් ලෙසයි. ඒ වගේම මම හැමදාම ජනතාව ලබාදුන් ජනවරමට ගරු කළා. මගේ පක්ෂය මාරු කරපු අවස්ථාවක් තියෙනවා. කිසි දිනෙක පිල මාරු කර නැහැ. දැන් මම බොහොම හොඳට අලුත් පක්ෂයක් බිහි කරලා කටයුතු කරගෙන යනවා.”
නවක මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට එන තමන්ගේ බලාපොරොත්තුව ගැන උදය ගම්මන්පිල මහතා කිව්වේ මෙහෙම කතාවක්.
“ මේ රටේ මිලියන බිලියන ගනන් සල්ලි විසි කරන මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කළ යතුයි. මට ජනවරම ලැබුණෙ වර්තමාන ආණ්ඩුවට එරෙහිව හඩ නගන්නයි.ඒ ජනතාවගේ හඩ මම පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා.
ගියපාර අපේ රුපියල් 100න් ඉල්ලලා ගිය මෙතුමට මේ පාර තනියෙන් වියදම් කරන්න කෝටි ගණන් කොහෙන්ද දන්නේ නැහැ. අනික් එක මෙතුමා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්නේ නැහැ කිව්වා අනිසි අනුග්‍රහ කරන්න වෙන නිසා එතකොට මේ පාර කවුද දන්නෙ නැහැ සල්ලි දුන්නේ. බොරුව තමා කරන්නේ හැමදාමත්.
ReplyDelete