මෙගාපොලිස්, නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධූරය චම්පිකට !
මෙවර කැබිනට් ඇමති තනතුරු බෙදීයාමේදී අලුතෙන් හඳුන්වාදෙන අමාත්‍යශයක් වන මෙගාපොලිස් (විශාල නගර සංවර්ධන), නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්...

https://www.sathhanda.com/2015/08/patali-champika-ranawaka_24.html
චම්පික රණවක අගමැති මෙන්ම ජනාධිපතිගෙනුත් තමන්ට මෙම අමාත්යංශය ලබාදෙන ලෙස කිහිප විටකදීම ඉල්ලා තිබුණි.
එමෙන්ම එක්සත් ජාතික යහපාලන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාරත්න පරණවිතානට ද නියෝජ්‍ය අමාත්‍යධූරයක් හිමිවීමට නියමිතව ඇත. ඒ මහතාට බොහෝදුරට නියෝජ්‍ය විදේශ අමාත්‍යධූරය හෝ නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍යධූරය ලැබෙනු ඇති බව ඉහත කී ආරංචිමාර්ග වැඩිදුරටත් සැළකර සිටී. එකී පත්වීම බොහෝදුරට සිදුවීම නියමිතව ඇත්තේ සැප්තැම්බර් පළමුවැනිදා පාර්ලිමේන්තුව රැස්වූවායින් පසුවය.
එජාප ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රීවරයෙකු වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටද කවර හෝ අමාත්‍යධූරයක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, එහිදී අගමැතිවරයා ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ ඔහු යටතේ ඇති පරිසර අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යධූරය රතන හිමියන්ට ලබාදෙන ලෙසයි. පරිසර සංවිධාන ගණනාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහු යටතේ ඇති පරිසර අමාත්‍යංශය මෙහෙයවීම සඳහා රතන හිමියන් පත්කර ගන්නා ලෙසයි.
තවමත් ඇමතිධුර සම්බන්දයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති නිසා සමහරවිට අවසාන මොහොතේ හෝ වෙනස් කම් සිදුවීමේ ඉඩකඩ බොහෝදුරට ඇති බවත් සඳහන් වේ.
තවමත් ඇමතිධුර සම්බන්දයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති නිසා සමහරවිට අවසාන මොහොතේ හෝ වෙනස් කම් සිදුවීමේ ඉඩකඩ බොහෝදුරට ඇති බවත් සඳහන් වේ.
Related