ඊළාම් මාතෘ භූමිය පිළිගතහොත් පමණක් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට හැකිය - මනිවන්නන්

“දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය මුදාහරින ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට අවශ්‍ය නම්, අපගේ ඊළාම් මාතෘ භූමිය පිළිගතහොත් පමණක්, එය ප්‍රායෝගික...

“දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය මුදාහරින ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට අවශ්‍ය නම්, අපගේ ඊළාම් මාතෘ භූමිය පිළිගතහොත් පමණක්, එය ප්‍රායෝගිකව සාර්ථක වනු ඇත” යනුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් අපේක්‍ෂක නීතීඥ වී.මනිවන්නන් ප්‍රකාශ කර ඇත.

යාපනය කලමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් පැවැති ‘මැතිවරණ ප්‍රශ්ණ වේලාව’ යන වැඩසටහනේදී, තම පක්‍ෂයේ ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙම මාතෘ භූමියේ ප්‍රදේශයන් 02 ක් ඇත. එම ප්‍රදේශයන් ‍02 ක එක්කර, එක් රටක් ලෙස අපගේ රට වෙනස් කල යුතුය. එය අපගේ පක්‍ෂය ඒකමතික ස්ථාවරය, තිම්පු සම්මුතිය මූලික කරගෙන, අප එය ඉදරිපත් කරන්නෙමු.

ෆෙඩරල් පාලන විසඳුම, කොටස් දෙකකට බෙදිය හැකිය. ප්‍රදේශයන් දෙකක් එක්කිරීම සහ බලය බෙදාහැරීමට අප විරුද්ධවීමට හේතුව, මේ ආකාරයෙන් බෙදාහරින බලය මධ්‍යම රජයට ඕනෑම අවස්ථාවක නැවත ලබාගැනීමට හැකි අවස්ථාවක් ඇත. මහින්ද රාජපක්‍ෂ වැනි ඒකාධිපති පාලකයෙකු අනාගතයේදී පාලන බලයට පත්වුවහොත්, මෙම බලතල සියල්ල නැවත ලබාගනු ඇත.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී, මෙවැනි සිදුවීමක් සිදුවී ඇත. එය මගහරවා ගැනීමට අවශ්‍ය නම්, වැඩි බලතල සහිත ෆෙඩරල් පාලන ක්‍රමයක් පිහිටවිය යුතුය. එවැනි පසුබිමකදී, බලතල අවම කල යුතු තත්වයක් උද්ගතවුවහොත්, පිළිගත් ප්‍රදේශයන්හි අනුමැතිය මධ්‍යම රජය ලබාගත යුතුය. එබැවින්, බලය බෙදාහැරීමක් සහිත ෆෙඩරල් පාලන ක්‍රමයක් අප ඉල්ලා සිටින්නෙමු. එබැවින්, එය සිංහල පාලකයින් ප්‍රතික්ෂේප කලහොත්, අපගේ බලතල වලට කිසිඳු හානියක් සිදුනොවිය යුතුය යන ස්ථාවරයේ අප සිටින්නෙමු. පසුගිය කාලයේ ලද අත්දැකීම් මූලික කරගෙන, අප මෙම ස්ථාවරය ගෙන ඇත්තෙමු.

එය ප්‍රායෝගික විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි තීරණයක් අපට ගැනීමට නොහැකිවී ඇත. පසුගිය කාලයේ මධ්‍යම රජය අපට ලබාදුන් අත්දැකීම් කුමක්ද යන්න සඳහන් කලහොත්, අප කිසිවක් නොඉල්ලිය යුතුය. එබැවින්, එය ප්‍රායෝගික නොවනවාද? නැද්ද? යන්න පිළිබඳව වගකීම භාරගැනීමට අප සූදානම් නොමැත.

දෙමළ ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන්, වෙනස්කම් සහ ජාති භේදය යනාදිය වැලැක්වීමට අවශ්‍ය නම්, ඉඩම් ආක්‍රමණය කිරීම වැලැක්වීමට අවශ්‍ය නම්, අපගේ ඊළාම් මාතෘ භූමිය පිළිගතහොත් පමණක්, එය ප්‍රායෝගිකව සාර්ථක වනු ඇතැයි යන දැඩි ස්ථාවරයක සිටින්නෙමු. එයින් අප පසුබට නොවෙන්නෙමු” යනුවෙන් වී.මනිවන්නන් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7089448269571691103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item