‘පසුගිය කාලේ පංචශීලය රැකි එකම පක්ෂය ජවිපෙ‘ - දහස් ගණනක් අමු අමුවේ මරා දැමීම් අමතක වෙලා
අපිට අතීතය දෙස බැලූවිට දවසින් දවස රට අශීලාචාරවන බවත් මෙය වළක්වාගැනීමේ අවශ්‍යතාවය මත ජනතා විමුක්ති පෙරමුණට එකතුවූ බවත් රාජ්‍ය මූල්‍ය විනාශ...

https://www.sathhanda.com/2015/08/jvp-killing-srilanka.html
අපිට අතීතය දෙස බැලූවිට දවසින් දවස රට අශීලාචාරවන බවත් මෙය වළක්වාගැනීමේ අවශ්‍යතාවය මත ජනතා විමුක්ති පෙරමුණට එකතුවූ බවත් රාජ්‍ය මූල්‍ය විනාශවීම වැනි දූෂණ වංචා සිදුවූ පාලකයින්ට එරෙහිව හඬක් නැගීමට ඉදිරියට පැමිණි බව හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ එම පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම සඳහා අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය වසර 25ක කාලය තුළ පංචශීලය රැකි දේශපාලන පක්ෂයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ බව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔවුහු කීහ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පුදුමයට කරුණ නම් දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත මෙන්ම අදටත් මිල කර නොමැති රාජ්‍ය දේපල ප්‍රමාණයක් විනාශ කරමින් රටේ සංවර්ධනය අවුරුදු ගානක් ආපස්සට ගෙන යමින් කරපු වැඩ ගැන කිසිම මතකයක් මේ ඔල මොට්ටල දෙසපලුවන්ට නොතිබීමයි.

Related