තාජුදීන්ගේ රිය අනතුර සිදු වූ ස්ථානය පරීක්ෂාවට

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ රිය අනතුර සිදුවූ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ ස්ථානය රහස් පොලිසිය ඇතුළු අධිකරණ වෛද්‍ය විශේෂඥයින් පි...


රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ රිය අනතුර සිදුවූ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ ස්ථානය රහස් පොලිසිය ඇතුළු අධිකරණ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් විසින් අද (24) පරීක්ෂාවට ලක් කර ඇතැයි වාර්තා වේ.

2012 වසරේ මැයි මාසයේ දී එම ස්ථානයේ දී සිදු වූ රිය අනතුරකින් වසීම් තාජුදීන් මරණයට පත් වූ බවට පොලීසිය වාර්තා කළ අතර පසුව ඔහු මිය ගියේ අනතුරකින් නොවන බව රහස් පොලීසිය අධිකරණයට වාර්තා කළේ ය.

රගර් ක්‍රීඩක තාජුදීන් සහ මෝටර් රථය ගිනිගෙන පිළිස්සී මියගිය බව මීට පෙර වාර්තා විය. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව කළ පරීක්ෂණවල දී තහවුරු වූයේ තාජුදීන් ඝාතනය කර ඇති බව ය.

පසුව ඔහුගේ දේහය ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව පසුගිය අගෝස්තු මුල් සතියේ තාජුදීන්ගේ සිරුර ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද පියවර ගැනුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5824225487288082161

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item