FCID යේ පැය 4ක් ප්‍රශ්න කරපු විමල් කියන කතාව
අද මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ බව වාර්තා වේ. එම ප්‍රශ්න කිරීමෙන...
https://www.sathhanda.com/2015/08/wimal-weerawansa_21.html
අද මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ බව වාර්තා වේ.
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින්,
අල්ලස් කොමිසම අහපු ප්‍රශ්නම මූල්‍ය අපරාධ කොට්ඨාසයෙනුත් ඇසූ බවත් නව රජය ජාතික ආරක්ෂාව දුර්වල නොකර, බෙදුම්වාදය ශක්තිමත් නොකර, රටේ ජාතික ආර්ථිකය දිය කර හරින්නේ නැතිව රට පාලනය කලොත් රජය පිළිබඳ පැහැදීමක් ඇති බවත් එසේ නොවුණහොත් ප්‍රශ්නයක් ඇති වන බවත් ඔහු එහිදී පැවසී ය.
ජාතික ආණ්ඩුවක් කියන්නේ එජාප ආණ්ඩුවක ශ්‍රීලනිපය වලිගය වීමක් එකක් බවත් ශ්‍රීලනිපය එජාපයේ නැටවීමක් බවට පත්වන බවත් එය රනිල්ගේ සුළුතර ආණ්ඩුව බහුතර ආණ්ඩුවක් බවට පත් කරවීමක් බවත් ඒ පාවාදීමට තමන් ඇතුළු ශ්‍රීලනිපයේ ජාතින ආණ්ඩුවකට විරුද්ධ මන්ත්‍රීවරුන් සම්බන්ධ නොවන බවත් විමල් වීරවංශ වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින්,
2015-08-21විමල් FCIDයට කැදවයි...ජාතික ආණ්ඩුවට විමල් එක්වෙයිද?...
Posted by Wimal weerawansa on Friday, 21 August 2015


Related