නිමක් නැති ගමනක් - සරණාගතයන් මුහුණ දෙන කටුක අත්දැකීම් [PHOTOS]

Image copyrightAP තුර්කි වෙරළට ගසා ගෙන ආ තුන් හැවිරිදි සිරියානු දරුවාගේ මළසිරුර සහිත ඡායාරූපය ලොව පුරා හදවත් සසල කළ බව නොරහසකි. න...

Image copyrightAP

තුර්කි වෙරළට ගසා ගෙන ආ තුන් හැවිරිදි සිරියානු දරුවාගේ මළසිරුර සහිත ඡායාරූපය ලොව පුරා හදවත් සසල කළ බව නොරහසකි.

නමුත් සරණාගතයන් මුහුණ දෙන කටුක අත්දැකීම් දැක්වෙන තවත් ඡායාරූප බොහොමයක් පසුගිය වසර කිහිපය පුරා ජන මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි.

පහතින් දැක්වෙන්නේ ඒ අතර වූ ඡායාරූප දහයක් පමණි.


අප්‍රිකානු සරණාගතයන්ගෙන් පිරුණු බෝට්ටුවක් කැනරි දූපත් සමූහයට නුදුරින් අනතුරට පත් වූයේ 2004 දී. ස්පාඤ්ඤ ජාතික වෙරළාරක්ෂකයින් ළඟා වන විට සරණාගතයන් නමදෙනෙකු දියේ ගිලී අවසන්. ජීවතුන් අතර සිටින්නන් බේරා ගැනීමට දරන උත්සාහය. (Juan Medina / Reuters)


සැතපුම් දහස් ගණනක් සාගරය තරණය කර කැනරි දූපත් සමුහය වෙත ළඟා වන විට සරණාගතයන් සිටින්නේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්වයකින්. නිරාහාරව සහ විජලනයට පත් වී සිටින සරණාගතයන්ට වෙරළේ සිටි සංචාරකයන් පිහිට වන අවස්ථාවක්. (Arturo Rodriguez / AP)


මොරොක්කෝව හරහා යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කරන සරණාගතයන් පිරිසක් යකඩ වැටක් මත සිටියදී එය වළක්වාලීමට වැට මතට නැගී පොලිස් භටයෙකු දැක්වෙන ඡායාරූපයක්. (Jose Palazon / Reuters)


ඇතැම් සරණාගතයන් සිය දීර්ඝ ගමන අතරමග ඉඩක් ලද සැනින් ජංගම දුරකතනයට සංඥා ලබා ගැනීමට උත්සාහ කරන්නේ තමන්ගෙන් වෙන් වුණු මාපියන් හෝ දූ දරුවන් ගැන සොයා බැලීමට යි. (John Stanmeyer / National Geographic)


මධ්‍යධරණි මුහුදට ළඟා වීමට ඇතැම් සරණාගතයන්ට කාන්තාරය මැදින් ගමන් කිරීමට සිදු වන්නේ දරා ගත නොහැකි අව් රශ්මිය සහ දූවිල්ල මැදින්. ඔවුන් මේ කර්කශ ගමන යන්නේ සිය දරු මල්ලන් ද කැටුව. මේ තොටිල්ලේ ගමන් ගත් දරු පැටියාගේ ගමනාන්තය ගැන කිසිවෙකු නොදනී. (Murad Sezer / Reuters)


ලිබියාව සහ ඉතාලිය අතර සාගරය මැද දින පහක් තිස්සේ බෝට්ටුවක් මත ගත කරන සරණාගතයන් පිරිසක් උඩු ගුවනේ සිට කැමරාවට හසු කර ගත් අවස්ථාවක්. විඩා පත් අය අතරින් දෑත් ඔසවා පිළිසරණක් පැතීමට හෝ ශක්තිය ඇත්තේ කිහිප දෙනෙකුට පමණි. (© Massimo Sestini / eyevine)


දැවයෙන් තැනූ බෝට්ටුවකින් පැමිණි සිරියානු සහ එරිත්‍රියානු සරණාගතයන් පිරිසක් ගල් පරයක හැපුණේ ග්‍රීක දූපතකට ගොඩ වීමට දැරූ උත්සාහයක දී. එහි දී බේරා ගත් මේ ගැබිණි මාතාව පසුව සිය දරුවා ප්‍රසූත කර ඇති අතර ඒ දරුවාට තබා ඇත්තේ ඇය බේරා ගත් තැනැත්තාගේ නමයි. (Argiris Mantikos / AP)


සුළං පිරවූ බෝට්ටුවකින් තුර්කියේ සිට ග්‍රීක දූපතකට ළඟා වූ පියෙකු සිය පුතු සහ දියණිය වැළඳ ගෙන හඬා වැටෙන මොහොතක්. මෙම ඡායාරූපය හඳුන්වා තිබුණේ ‘මුළු රටේම වේදනාව එක් පියෙකුගේ මුහුණින් පිට වූ මොහොතක්’ ලෙසින්. (© Daniel Etter / NY Times / Redux / eyevine)


මැසඩෝනියාව සිය දේශසීමා මුර කපොල්ල වසා දැම්මේ සරණාගතයන් විශාල පිරිසක් රටට ඇතුළු වීමට උත්සාහ කරද්දී. එහිදී ඇති වූ උණුසුම් තත්වය හමුවේ තම දරුවා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන පියෙකුගේ වේදනාව. (Darko Vojinovic / AP)


තම දරුවන්ගේ කුස ගිනි නිවීමට ලෙබනනයේ දී පෑන් විකුණන පලස්තීන සරණාගත පියෙකු දැක්වෙන මෙම ඡායාරූපය අන්තර්ජාලයේ පළ වී තිබුණේ පසුගිය සතියේ.

-BBC



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8974559618884133689

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item