බ්ලුමැන්ඩල් ප්‍රහාරයේ ඉලක්කය රවීගේ පාතාලයේ "සම්පත්" සහ "සංඛ" බව හෙළිවෙයි
පසුගිය මැතිවරණ සමයේදී රවී කරුණානායකගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ ඉලක්කය “සංඛ” නැමැති පාතාල ස...

https://www.sathhanda.com/2015/09/bloemendal-shooting-dematagoda-chaminda.html
පසුගිය මැතිවරණ සමයේදී රවී කරුණානායකගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ ඉලක්කය “සංඛ” නැමැති පාතාල සාමාජිකයා බව වාර්තා වේ.
මේ වෙඩි තැබීම සිදු කරනු ලැබුවේ ආමි සම්පත් නැමැති පාතාල සාමාජිකයා ඉලක්ක කරමින් බවට මුලින් වාර්තා වුවද මෙහි ඉලක්කය “සංඛ” බව පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇතැයි පැවසේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ඊයේ (07) සඳහන් කළේ මෙය මෙහෙයවා ඇත්තේ ”දෙමටගොඩ චමින්ද” නැමැත්තා විසින් බන්ධනාගාරය තුළ සිටිමින් බවයි.
”දෙමටගොඩ චමින්ද” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරාත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
කරුණානායකගේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්ත සඳහා සංඛව සම්බන්ධකර ඇත්තේ චන්දික නැමැත්තෙක් විසින් බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.
සංඛ දුමින්ද සිල්වා මහතාගේ මැතිවරණ කටයුතු සඳහාද මීට පෙර සහය දී ඇතැයි පැවසේ.
සිද්ධිය වූ දිනයේදී වෙඩි තැබූවන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවත්, ඔවුන් බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ 2 වැනි මහල පරික්ෂාකරමින් සිටියදී එය නැවැත්වීමට අණ ලැබී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
එම සෝදිසිය නැවැත්වීමට දේශපාලඥයකු සම්බන්ධ වී ඇති බවට පොලිසියට සැකයක් මතුව තිබේ.
එම දේශපාලඥයා මේ සිද්ධියට සම්බන්ධවී ඇත්තේ භාන් නැමැති තවත් පාතාල සාමාජිකයකුගේ ඉල්ලීමක් මත යැයි පොලිසිය සැක කරයි.
Related