බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානයක සිටි මගීන් 172 දෙනෙකුගේ ජීවිත අනූනවයෙන් බේරෙයි [PHOTOS]

අමෙරිකාවේ ලාස් වේගාස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කිරීමට සූදානම් කර තිබූ බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබේ. ගින්න හට...


අමෙරිකාවේ ලාස් වේගාස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කිරීමට සූදානම් කර තිබූ බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න හට ගැනීමත් සමග යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු මගීන් 172 දෙනාට වහා ම යානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

ගුවන්තොටුපොළ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු පමණක් සුළු තුවාල ලබා ඇති බව ය.

බෝයිං 777 වර්ගයේ අදාළ ගුවන් යානය ලාස් වේගාස් සිට ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබී ඇත.

අමෙරිකානු ගුවන් බලධාරීන් පවසන්නේ, යානයේ එන්ජිමේ අදාළ ගින්න හට ගෙන ඇති බව ය.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8379343043437665930

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item