රණ දඬුවම ලබාදීමෙන් අපරාධ වළක්වන්න බෑ - අනික ඒකට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නෑ

ළමා හිංසනයන් ඇතුළු බරපතල අපරාධ සදහා මරණ දඬුවම නැවත කි‍්‍රයාත්මක කළයුතු බවට මේ වනවිට බොහෝ දෙනෙක් කතා කරනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන...

ළමා හිංසනයන් ඇතුළු බරපතල අපරාධ සදහා මරණ දඬුවම නැවත කි‍්‍රයාත්මක කළයුතු බවට මේ වනවිට බොහෝ දෙනෙක් කතා කරනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට තමන්ගේද අකමැත්තක් නොමැති බවයි.එහෙත් ඊට අදාළව පාර්ලිමේන්තුවේද අදහස් විමසා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ. 

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසන්නේ මරණ දඬුවම ලබාදීමෙන් අපරාධ වළක්වාලිය නොහැකි බවයි. එය බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ. කෙසේවෙතත් මරණ දඬුවම ලබාදීම සදහා ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම් ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර ඒ සඳහා පූර්ණ බලය ජනාධිපතිවරයා සතුව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙහිදී කියාසිටියා.

ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුනොත් එය ලබන සතියේ සිට ක්‍රියාත්මක කර මරණ දඬුවම නියම වූ පුද්ගලයින් දහය බැගින් මාස තුනක් ඇතුළට සියලු පුද්ගලයින්ට මරණ දඬුවම දිය හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, රන්ජන් රාමනායක වැනි මෙලෝ මලදානයක් ගැන අධ්‍යාපනයක් නොමැති මෝඩ තකතිරු බක පණ්ඩිතයන් සමාජයෙන් මතුවෙන හඬ තමන්ගේ කට හරහා මතු කරමින් සුපුරුදු ලෙස සමාජීය දැවෙන ප්‍රශ්න වලින් තම බඩ වඩා ගැනීමට තැත්කිරීම පිලිකුල් සහගතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6699414355539207277

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item