ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීමට කඩිනම් පියවර

විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදෙන්නා වූ විදුලිබල සැපයුම වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීම තුළින් පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමට අවශ්‍ය කඩිනම්...

විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදෙන්නා වූ විදුලිබල සැපයුම වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීම තුළින් පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බලශක්ති සේවාවන් සඳහා සේවා තත්ත්ව ප්‍රමිතීන් හඳුන්වාදීම, එම හඳුන්වාදෙනු ලබන ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාම, බලශක්ති සේවාවන්හි තත්ත්වය සහ විශ්වසනියත්වය තහවුරු කිරීමට ප්‍රශස්ත උපකරණ ස්ථාපනය කිරීම මෙන්ම එම උපකරණ යාවත්කාලීන කිරීම සහ නැගී එන තරඟකාරී පරිසරයක් තුල අභියෝග ජය ගැනීම සඳහා බලශක්ති ක්ෂේත‍්‍රයේ වෘත්තියමය හැකියාවන් වැඩිදියුණු කිරීම ආදී පියවර රැසක් විදුලිබල ක්ෂේත‍්‍රයේ ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

මේ යටතේ සුහුරු මාපක (Smart meters) හඳුන්වාදීම, විදුලි බිල්පත් ගෙවීම් සඳහා පෙරගෙවුම් කාඞ්පත් පහසුකම් ලබාදීම, විදුලිබල පාරිභෝගිකයන්ගේ හිමිකම් හා වගකීම් ප්‍රරකාශනයක් හඳුන්වාදීම, නව විදුලි සැපයුම් සඳහා වන එක්දින සේවය යාවත්කාලීන කිරීම, බිඳවැටීම් සේවාවන් හිදී වගකීම් සහිතභාවය ආදි නව ක්‍රමවේදයන් රැසක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් අවධාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1182549250030633405

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item