ඉවතලන ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීමේ පළමු ව්‍යාපෘතිය විවෘත වේ
"මේ ව්‍යාපෘතිය අපි අගයන්න ඕන. මේ ව්‍යාපෘතිය මගින් ලැබෙන තෙල්, පිරිපහදුවේ දැවි තෙල් වලට සමානයි. මේක පරිසර හිතකාමීයි. ඒ නිසා මෙම ව්‍යා...
https://www.sathhanda.com/2015/09/champika-ranawaka.html
"මේ ව්‍යාපෘතිය අපි අගයන්න ඕන. මේ ව්‍යාපෘතිය මගින් ලැබෙන තෙල්, පිරිපහදුවේ දැවි තෙල් වලට සමානයි. මේක පරිසර හිතකාමීයි. ඒ නිසා මෙම ව්‍යාපෘතිය අපි රැකගත යුතුයි. කල් ගිහින් හරි තිරසාර විදිහට මෙය ඇතිවීම ගැන අපි සතුටු වෙනවා. මේ සඳහා මඩ ප්‍රහාර ගහන එක, දේශපාලන වේදිකාවේ කෑගහලා ඡන්ද ගන්න එක නෙමෙයි කරන්න ඕන. මේ වගේ ව්‍යාපෘති නංවාලන එකයි. මෙය ඉදිරියට ගෙන ආ යුතුයි. මෙය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය යුතුයි. නාස්තිකාර සුදුකරපටි කාරයින්ට මේ ව්‍යාපාරය විනාශ කරන්න ඉඩ දියයුතු නැහැ. රට නවෝත්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යන්න, තිරසර විසඳුමක් ලෙස මෙය රට තුළ ව්‍යාප්ත කළ යුතුයි. අපට උදව්කළ අයට මෙන්ම ගල් පෙරලපු අයටත් අපි ස්තුතිවන්ත වෙනවා, ඒ තුළින් මෙවැනි කාර්යයක් සඳහා අප ධෛර්යමත් කරවීම පිළිබඳව" යැයි හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ, අද (03) පෙරවරුවේ හොරණ, පෝරුවදණ්ඩ අපනයන ප්‍රවර්ධන කලාපයේ පිහිටි පොලිප්ටෝ ලංකා ආයතනය මගින් ඉදිකළ, ඉවතලන ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීමේ යන්ත්‍රාගාරය, මාධ්‍යයට සහ මහජනතාවට නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඉවතලන ප්ලාස්ටික් වලින් නිපදවීමේ ක්‍රමවේදය, ශ්‍රී ලාංකික නව නිපැයුම් කරුවෙකුවන ආනන්ද විතානගේ ගේ සොයාගැනිමක් වන අතර මොරටුව විශ්ව විද්‍යාලය විසින් තාක්ෂණික දායකත්වය ලබාදෙමින්, එම කාර්යය අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රාගාරයක් බවට පත්කර ඇත. එම යන්ත්‍රාගාරයේ ඉන්ධන නිපදවීමේ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම මෙහිදී සිදුකරන ලදී.




Related