මෑතකදී හමුවූ යානා කොටස MH370 බව යළිත් සනාථයි

රියූනියන් දූපතේ තිබියදී හමුවූ ගුවන් යානා කොටස අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු යානයේ කොටස්ම බව විශේෂඥයන් විසින් යළිත් තහවුරු කර ඇත. ෆ්ල...

රියූනියන් දූපතේ තිබියදී හමුවූ ගුවන් යානා කොටස අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු යානයේ කොටස්ම බව විශේෂඥයන් විසින් යළිත් තහවුරු කර ඇත.

ෆ්ලැප්රන් නමින් හැඳින්වෙන ගුවන් යානා තටුවට සම්බන්ධ කොටස පරීක්ෂාවට ලක්කළ ජාත්‍යන්තර ගුවන් සේවා විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම තහවුරු කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත්, අතුරුදන් යානයේ තවත් කොටස් සොයා රියූනියන් දූපත ආශ්‍රිතව මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලින් යානයට සම්බන්ධ කිසිදු කොටසක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා ගමන්කරමින් තිබියදී 2014 වසරේ මාර්තු මාසයේදී මෙම යානය අතුරුදන් විය.

රියූනියන් දූපතෙන් හමුවූ යානා කොටස මෙම යානයේ කොටසක් විය හැකි බව මූලික පරීක්ෂණවලින් පසුව මැලේසියානු බලධාරීන් කියා සිටියත්, බ්‍රහස්පතින්දා (03දා) දිනයේදී මෙම යානා කොටසේ වූ අනුක්‍රමික අංකයන් අතුරුදන් වූ යානයේ අනුක්‍රමික අංකයන් හා ගැළපෙන බව සහතික කරමින් මෙම සනාථ කිරීම සිදුකර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7742898634241702358

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item