ජනපතිගෙන් චම්පික, අගමැතිගෙන් විජේදාස
ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලි චම්පික රණවකත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයද...

https://www.sathhanda.com/2015/09/champika-wijedasa.html
ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලි චම්පික රණවකත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂත් පත්කර තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විතය. ඒ අනූව එයට නිල බලයෙන් පත්වන්නේ කථානායක, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාවරයාය.
මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අගමැතිවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු අතර ඒ අනූව ජනපතිගේ හා අගමැතිගේ නියෝජිතයින් දෙදෙනා ඉහත පරිදි නම් කර ඇත.
එසේම සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුය.
මෙහි විශේෂත්වය වන්නේ චම්පිකත්, විජේදසත් දෙදෙනාම එජාපයේ මන්ත්‍රීවරුන් වන නිසාවෙන් සබැ බහුතර විපක්ෂයේ නියෝජනයක් ව්‍යවස්ථා සභාවට නොලැබී යාමයි.
Related