රජයේ වී සත්ව ආහාරවලට විකුණයි? - යහපාලනය ඇන ගත් වී මිලදී ගැනීම
යහපාලන පොරොන්දු මත වී මිලදීගැනීම රුපියල් 50 හට උපරිම කිලෝ 2000ක් එක ගොවියකුගෙන් මිලදී ගැනීම සිදු කරන බව පැවසුවත් ප්‍රධාන වී මිලදී ගැනීම් ...

https://www.sathhanda.com/2015/09/paddy-govt-stipulated-price-commences.html
යහපාලන පොරොන්දු මත වී මිලදීගැනීම රුපියල් 50 හට උපරිම කිලෝ 2000ක් එක ගොවියකුගෙන් මිලදී ගැනීම සිදු කරන බව පැවසුවත් ප්‍රධාන වී මිලදී ගැනීම් සිදුකරන කිසිම ස්ථානයක එම මිලට වී මිලදීගැනීම් සිදු නොකරන බව වාර්තා වේ. ඊටත් අමතරව බොහෝ ප්‍රදේශවල වී මිලදී ගැනීම් සිදු නොකරන නිසා ගොවියන් ඉතා අසීරුතාවයකට පත්ව ඇති බව වතා වන අතර වී ගොවීන්ගේ උද්ගෝෂණ සහ සියදිවි නසා ගැනීමට උත්සහ කිරීමද වාර්තා විය.
තත්වය මෙසේ පවතිද්දීන්, රජය මිලදීගත් වී සහල් කර වෙළදපලට යොමු කිරීමේ හැකියාවක් නොමැති වී ඇති බව වාර්තා වේ. වැඩ බරපතලම කාරණය මෙයයි. තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමට යාමෙන් මුළු මහත් ගොවින් සියලු දෙනා ඉතා අසරණ තත්වයකට ඇද දමා ඇත. වේදිකාවේ දුන් පොරොන්දු අනුව වී මිල 50ට කෙසේ වෙතත් 35-40කට ආසන්න අඩු මිලකට සමහර ප්‍රදේශවලින් මිලදී ගත්තත් එම වී සහල් කර වෙළද පලට පවතින සහල් මිල යටතේ නිකුත් කිරීමට නොහැකි වී තිබේ. සහල්වලට අවම මිලක් නියම කර ඇති අතර වී කිලෝ 1.7කට අසන්න ප්‍රමාණයක් එක සහල් කිලෝවක් නිෂ්පාදනය සදහා වැයව අතර. එවිට අනෙකුත් වියදම් එකතු කල සහ කිලෝවක මිල දැනට වෙළද පොලේ පවතින උපරිම සහල් මිලට වඩා බෙහෙවින් ඉහලය.
මේ නිසා මිලදී ගත් වී තොග වලට කුමක් කරන්නේද යන්න ගැන රජය උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිව සිටි. මේ අතර තත්වයට මගහරවා ගැනීම සඳහා එම සහල් සත්ව අහාර සඳහා විකුණා දැමීමට රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු උත්සහ කරන බවත් වාර්තා වේ.
Related