කොකා කෝලා සමාගමෙන් කැළණි ගඟට මුසු වුණේ ඩීසල් නොවේ - පිළිකා කාරකයක් වන 4-මෙතිල් ඉමිඩසොල් ය (4-Methylimidazole)

කොකාකෝලා කර්මාන්ත ශාලාව මඟින් පසුගිය දා සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව ...

කොකාකෝලා කර්මාන්ත ශාලාව මඟින් පසුගිය දා සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් "ද නේශන්" පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළි වී ඇති බවයි.

අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතැම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත​.

මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ කිසිදු සංයෝගයක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-Methylimidazole) ය​. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකාජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේ ය​.

මෙම සංයෝගය දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය​. කොකා කෝලා ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත​.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6551607045654290251

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item