සේයා ඝාතනය වෙනම අතකට - අත්අඩංගුවට ගත් දෙදෙනාට කිසිම සාක්ෂියක් නෑ - පොලිසිය හිතුමතේ කල අලුගුත්තේරු වැඩක්
රටම හඬවා කොටදෙණියාව බඩල්ගමදී අවසන් ගමන්ගිය සේයා දැරිය අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය මෙම දැරියග...

https://www.sathhanda.com/2015/09/kotadeniyawa-seyas-murder-to-new-approach.html
මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පසුගිය කාලසීමාවේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත්තේ ඔහුගේ සොහොයුරියට අයත් කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසකය. එම නිවස සේයා පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබෙන බවද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
සැකකරු ගම්පහ ප්‍රදේශයේදී දැරියන් දෙදෙනකු පැහැරගෙන ගොස් විවිධ අතවරයන්ට ලක් කර ඔවුන් වෙල්යායක අතහැර දමා ගිය සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි බව හෙළි වී තිබේ.
ගම්පහ ප්‍රදේශයේ මොහුට ජීවත් වීමට නොහැකි නිසා සිය නැගණියගේ නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි බවද අනාවරණය වී ඇත.
මෙම සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්‌ඩායම් කීපයක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සැකකරුගේ සොහොයුරියගෙන් ද ප්‍රශ්න කර තිබේ.
සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් බන්ධනාගාරගත කෙරිණි.
එම සැකකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ වූ බවට මෙතෙක් සාක්‍ෂි කිසිවක් හෙළිවී නොමැති බවද පොලිසිය පවසයි. කිසිම සාක්ෂියක් නොමැතිව ස්වයං වින්දනයක යෙදෙමින් තමන්ට ලකුණු දාගන්න සිදුකල අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියද සමාව ඉල්ලා සිටිය යුතුය. තවත් එවන්ම පාසල් යන ළමයෙකුගේ ජීවිතයට බලපාන මෙවන් සිදුවීම් ගැන අබමල් රේණුවකවත් මොලය කලඳක් ඇති එකෙක්වත් ඔය ඉහල පුටුවක නොසිටීම රටේම අවාසනාවකි.
එමෙන්ම තව එකෙකු අත්අඩංගුවට ගැනීමට පෙර සියලු සාක්ෂි සම්පිණ්ඩනය කර අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා සියල්ල සක්සුදක් සේ තහවුරු වෙනතුරු මාධ්‍ය ඉදිරිපිට පොරවල් වීමට දේශපාලුවන් මෙන් ගැලරි කතන්දර දෙසා බාන්නට පොලිසිය නොපැමිණියාට කම් නැත.
එමෙන්ම තව එකෙකු අත්අඩංගුවට ගැනීමට පෙර සියලු සාක්ෂි සම්පිණ්ඩනය කර අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා සියල්ල සක්සුදක් සේ තහවුරු වෙනතුරු මාධ්‍ය ඉදිරිපිට පොරවල් වීමට දේශපාලුවන් මෙන් ගැලරි කතන්දර දෙසා බාන්නට පොලිසිය නොපැමිණියාට කම් නැත.
ara psal sisyata wechchi asadaranayata wandi gewanne kawuda
ReplyDelete