කොත්මලේ නායයාමකින් දරුවෙකු ඇතුළුව 5ක් මරුට, 1කට තුවාල [Updated]
කොත්මලේ, වෙදමුල්ල, ලිලීවත්ත ප‍්‍රදේශයේදී පස් කන්දක් නායයාමෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. අවුරුදු 8 ක දැරියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙ...
https://www.sathhanda.com/2015/09/kotmale-landslide-3-dead-bodies-found-3-missing.html
කොත්මලේ, වෙදමුල්ල, ලිලීවත්ත ප‍්‍රදේශයේදී පස් කන්දක් නායයාමෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. අවුරුදු 8 ක දැරියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක්ද ඒ අතර වනවා. තවත් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පොල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
පෙර පුවත:
කොත්මලේ, වෙදමුල්ල වතුයායේ ලයින් කාමර පෙළක් නායයාමෙන් පුද්ගල මරණ 3ක් සිදුව තිබේ. පස්වලට යටවූ පුද්ගලයින්ගේ සිරුරු 3ක් මේවන විට ගොඩගෙන ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.
අද දහවල් සිට ඇද හැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම නායයාම සිදුව ඇතැයි පැවසේ.


Related