යුධ අපරාධ වාර්තා නව වර්ධන - විදේශ අමාත්‍යාංශය රටට එරෙහි මෙහෙයුමක?

එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ වාර්තාව සම්බන්ධ ඉතා භයානක පැති මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. ඔබ සැම දන්නා පරීදි පහුගිය රජය විසින් ශ්‍රී ලංක...


එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ වාර්තාව සම්බන්ධ ඉතා භයානක පැති මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. ඔබ සැම දන්නා පරීදි පහුගිය රජය විසින් ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුධ අපරාධ සම්න්ධ ඉතා විස්වාසදායි හා පිළිගත හැකි කොමිසමක් හරහා විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලදී. මෙම පරික්‍ෂණය සිදු කරන ලද්දේ ලොව ම පිළිගත් විශේෂඥයින්ගේ උපදේශකත්ය යටතේ වීම ද විශේෂයකි. ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, සහ ශ්‍රීමත් ජ්‍යෙෆ්රි නයිස් යනු ලෝක පූජිත නීති හා යුධ අපරාධ පරීක්‍ෂකයින් ය. ඔවුන් මීට පෙර එක්සත් ජාතීන්ගේ ම අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණවල ප්‍රධාන විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ම තෝරාගත් අය වීම ඔවුන්ගේ විස්වාසදායි බවට සාක්‍ෂියකි. ශ්‍රීමත් ජ්‍යෙෆ්රි යුගොස්ලාවියා ජනපති ස්ලොබොදාන් මිලොසොවිච්ට එරෙහි ව ද ඩෙස්මන්ඩ සිල්වා ලයිබීරියා ජනපතිට එරෙහි ව ද කළ පරීක්‍ෂණවල ප්‍රධාන විනිසුරුවරු ලෙස කටයුතු කටයුතු කළහ. මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් ශ්‍රීමත් ජ්‍යෙෆ්රිට පෙර මිලසොවිච්ට එරෙහි අධිචෝදනා ගොනු කළ විනිසුරුවරයා ය.

මෙවන් අන්තර්ජාතික විශේෂඥයින්ගේ උපදේශකත්වය යටතේ සිදුකළ පරණගම කොමිසමේ දෙවැනි අධියර මගින් සොයා බැලූයේ යුද්ධයේ අවසන් කාලයේ සිදු වූ බව කියන යුධ අපරාධ චෝදනා ය. විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ දාරුස්මන් කමිටු වාර්තාවෙන් එල්ල කළ සිවිල්වැසියන් 40000ක් ඝාතනය වූ බවට වන චෝදනාව අන්තර්ජාතික විශේෂඥයින් සහිත මෙම මැක්ස්වෙල් පරණගම වාර්තාවෙන් ද සොයා බැලුණි. ඒ අනුව, මෙම වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 සැප්තැම්බර් 11 වන දින නිකුත් කළ අශංශෝධිත වාර්තා වේ ද සඳහන් වී තිබුණි. ඒ මෙසේ ය;

"The International Advisory Council appointed by the previous Government to support the Commission on the second, expanded mandate it had been given to investigate alleged violations in the final stages of the conflict has not been extended but is believed to have submitted its report."

ඒ කෙසේ වෙතත්, ඊට දින පහකට පසු, එනම් සැප්තැම්බර් 16 වන දින මහජනය සඳහා නිකුත් කළ එම වාර්තාවෙන් ම ඉහත පරණගම වාර්තාව පිළිබඳ සඳහන අභිරහස් ලෙස ඉවත් කොට තිබුණි. එපමණක් නොවේ. ශ්‍රි ලංකාව විසින් අන්තර්ජාතික සහාය ඇති ව සිදුකළ පරණගම යුධ අපරාධ වාර්තාවේ නිගමන මීට මසකට ඉහත දී රජයට ඉදිරිපත් කොට තිබුණ ද එය සැප්තැම්බර් 14 වන දා සිට ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලය වෙත තාමත් ඉදිරිපත් කොට නොමැති වීම ද මෙම පසුබිම තුළ විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

පරණගම වාර්තාව නොමැති තැන, එක්සත් ජාතීන් සතුව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ තිබෙන එක ම වාර්තාව දාරුස්මන් වාර්තාව පමණි. කෙසේ වෙතත්, එම වාර්තාවේ එන සිවිල් වැසියන් 40000ක මරණ සම්බන්ධ නිගමන ඇතුළු පවතින ජයප්‍රිය ආඛ්‍යානයට හා දැනුමට අභියෝග කළ හැකි කරුණු ඇතැයි සිතිය හැකි පරණගම වාර්තාව මානව හිමිකම් කවුන්සිල වාර්තාවෙන් ඉවත් කිරීම පමණක් නොව, අදාළ වාර්තාව තාමත් කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනා වෙත ඉදිරිපත් නොකිරීම තුළින් ද පෙනී යන්නේ අපගේ විදේශ අමාත්‍යාංශයේ ද සහය ලබන පිරිසක් විසින් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ තත්වය ඉතා දුර්වල කොට දැනට යෝජිත දේශීය ලේබලය යටතේ අන්තර්ජාතික පරීක්‍ෂණය සඳහා කවුන්සිල් සාමාජිකයින්ගේ සහාය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ය.

මෙය තවදුරටත් තහවුරු වන්නේ, පරණගම වාර්තව නිකුත් කිරීමට දිය 10කට පෙර, දෙමළ ජාතික සංධාන මන්ත්‍රී සුමන්දිරන් විසින් ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වාට එරෙහි ව මඩ ව්‍යාපාරයක් දියත් කරමින් සිරිසේන ජනපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ අදාළ විශේෂඥ මණ්ඩලය අහෝසි කරන ලෙස ය. එහෙත් එය සාර්ථක නොවූ අතර වාර්තාව නිකුත් විය. සුමන්දිරන් සමග මෙම ව්‍යාපෘථියට සමන්ධ ව සිටියේ අන් කිසිවෙකුත් නොව දාරුස්මන් වාර්තාවේ සම කර්තෘ වූ යසමින් ස්නූකා නම් ක්‍රියාකාරිනිය වේ.

සියළු තිත් සම්බන්ධ කරන විට පෙනී යන්නේ මානව හිමිකම් කවුන්සිලය තුළ හිතාමතා ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවාසි සහගත තත්වයක් ඇතිකොට, මේ වන විට සංශෝධනය වෙමින් තිබෙන අවසන් වාර්තාව හරහා රටට එරෙහි දැඩි අනතුරුකාරී සම්මුතියක් අනුමත කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව, සුමන්දිරන් ඇතුළු දෙමළ ජාතික සංධානය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ද කටයුතු කරමින් සිටිය බව නොවේ ද?


-ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය මහින්ද පතිරණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 5042945388345086360

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item