මහින්දගේ මස්සිනා මිය යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ න...

https://www.sathhanda.com/2015/09/mahinda-rajapaksa-brother-in-law-passed-away.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ නැසීගිය සහෝදරියගේ ස්වාමි පුරුෂයා වූ සිරිසේන හෙට්ටිආරච්චි මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.
සිරිසේන හෙට්ටිආරච්චි මහතා, හිමාල් හෙට්ටිආරච්චි මහතාගේ හා රංගනී හෙට්ටිආරච්චි මහත්මියගේ පියාණන් වේ.
එතුමා මැණික් සංස්ථාවේ හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ වානිජ කළමනාකරු ලෙස සේවය කර ඇත.
දේහය 175/2, පරණ කොට්ටාවපාර, මිරිහාන, නුගේගොඩ එතුමාගේ නිවසේ තැන්පත් කර තිබේ.
අවසන් කටයුතු ඉරිදා සවස 4.00 බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ.
දේහය නිවසින් පිටවීම - පස්වරු 3.00ට සිදුවන බව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
srilankamirror
Related