ඔෂානි සන්දීපා කතා කරයි

මුහුණු පොත නිසා ඔෂානි දැන් හුඟක් ජනප්‍රියයි නේද...? ඔව්... හැබැයි මම මෙහෙම හුඟ දෙනෙක් දැනගත්තට පස්සේ තමයි ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවේ...

මුහුණු පොත නිසා ඔෂානි දැන් හුඟක් ජනප්‍රියයි නේද...?
ඔව්... හැබැයි මම මෙහෙම හුඟ දෙනෙක් දැනගත්තට පස්සේ තමයි ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවේ. මුලින්ම මම කියපු සින්දුවක් ෆේස්බුක් දාලා තිබුණේ මගේ එකවුන්ට් එකකින් නෙමෙයි. "ඇඹිලිපිටියේ සෙට් එක" කියලා තිබුණ ෆේස්බුක් ගෘෘප් එකකින් තමයි ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තිබුණේ.

දැන් වෙද්දි ෆේස්බුක් යාළුවෝ කීයක් විතර ඉන්නවද...?
මගේ සින්දුව ජනප්‍රිය වුණේ ෆේස්බුක් එක හරහා නිසා තමයි මම එකවුන්ට් එකක් හැදුවේ. ඒත් මට එහෙම වැඩිපුර ෆේස් බුක් ලොග් වෙන්න ලැබෙන්නේ නෑ. විභාග වැඩ නිසා වෙලාවක් නෑ. මට තියෙන්නේ පේජ් එකක්. මේ වෙද්දි පනස්දාහකට වැඩි ප්‍රමාණයක් මගේ පේජ් එක ලයික් කරලා තියෙනවා.

ෆේස් බුක් ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් අය සුබ පතනවා. ඒ අතරේ මට බනින මාව විවේචනය කරන අයත් ඉන්නවා. සමහරු හිතනවා ජනප්‍රිය වුණාට පස්සේ මම වෙනස් වෙලා අමුතු වෙලා කියලා. මම එහෙම නෑ. සාමාන්‍ය පෙළ නිසා මට ෆේස් බුක් ලොග් වෙන්න වෙලාවක් නෑ. තව සමහරු හිතනවා මම වයසට වඩා ලොකු වැඩ කරනවා කියලා.

පොඩි වයසට මේ චෝදනා දරාගන්න පුළුවන්ද?
අම්මලාට නම් සමහර දේවල් දැක්කම හරියට දුක හිතෙනවා. ඇයි සමහරු නරක දේවල් පවා කියනවානේ. ඒත් මම නම් හොඳ නරක හැම ප්‍රතිචාරයක්ම මගේ දියුණුවට එකතුකර ගන්නවා. මට බනින අය නිසා මම මගේ අඩුපාඩු හදා ගන්නවා.

ඔන්න දැනුයි අපි ඔෂානි මේ තරම් ජනප්‍රිය වුණේ ඇයි කියන යටගිය කතාව අහන්නේ...
දවසක් මම විද්‍යාව පන්තියට ගියපු වෙලාවේ බෞද්ධ ශිෂ්ටාචාරය උගන්නන මදුමහදුරගේ කියන සර් දැකලා මට සින්දුවක් කියන්න කියලා ආරාධනාවක් කළා. ඉතිං මම එදා කිව්වේ ළමයි හුඟක්ම කැමැති "අවසාන ප්‍රේමයයි" කියන සින්දුව. ඊට පස්සේ මට සර් කිව්වා ආයෙත් සින්දුව කියන්න, වීඩියෝ කරගන්න ඕන කියලා. සුධීර කියලා අයියා කෙනෙක් වීඩියෝ කළා. සින්දුව ඊට පස්සේ හුඟක් අයගේ ෆෝන්වල හුවමාරු වෙලා "ඇඹිලිපිටිය සෙට් එක" කියන ෆේස් බුක් පේජ්
එකට එකතු කරලා තිබුණා. එහෙම තමයි ජනප්‍රිය වුණේ.

මෙම ප්‍රවෘත්තිය ඉස්සෙල්ලම ගෙදරින් දැනගත්තේ කොහොමද?
සින්දුව කියලා මාස දෙකහමාරකට විතර පස්සේ හුඟක් අයගේ ෆෝන්වල මේ ගීතය තිබුණා. ෆේස් බුක් එකේ මාව ජනප්‍රිය වෙලා කියලා ගෙදරින් දැනගත්තට පස්සේ තුසිත කියන අයියා තාත්තාට කතා කරලා කියලා තිබුණා වීඩියෝ එක අප්ලෝඩ් කළේ එයා කියලා. මුලදි තාත්තලා කැමැති වුණෙත් නෑ. දැනටත් අම්මයි තාත්තයි මගේ පිටිපස්සේ හෙවණැල්ලක් වගේ ඉන්නවා.

ටියුෂන් ක්ලාස් එකෙත් ඔෂානි හුඟක් ජනප්‍රියයි නේද?
ඔව්... මට සින්දු කියන්න පුළුවන් කියලා ප්‍රසිද්ධයි. අසංග නිර්මාල් සර්ගේ සිංහල පන්තියේදී මට කියලා සර් නිතරම වගේ සින්දු කියවගන්නවා. මම ඉස්කෝලේ යන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට. ඉස්කෝලෙත් මගේ ගායනා හැකියාව ගැන දන්නවා.

එතකොට ඔෂානිට "අවසාන ප්‍රේමයයි" ගීතයේ පිළිතුරු ගීය ගයන්න ලැබුණේ කොහොමද?
අවසාන ප්‍රේමයයි ගීතයේ පද රචනය කරපු ඩිලාන් ගමගේ අයියා අපේ තාත්තාට කෝල් කරලා තිබුණා. මේ ගීතයට ෆීමේල් වර්ෂන් එකක් ලියනවා නංගි ලවා ගායනා කරවන්න කැමැතියි කියලා කිව්වා. ඉතිං තාත්තා නීත්‍යනුකූල භාවය ගැන හොයලා කැමැත්ත දුන්නා. මම පිළිතුරු ගීය කියපු දවසට පස්සෙ දවසෙම ඒක හිරු ගොසිප් වෙබ් සයිට් එකේ දාලා තිබුණා. ඒ නිසා හිතුවටත් වඩා ඉක්මනට ජනප්‍රිය වුණා.

අවසාන ප්‍රේමයයි ගීතය ගායනා කරන දිමංක වෙල්ලලගේ අයියා ඕෂානිට කතා කළාද?
ඔව්. දිමංක අයියා ෆීමේල් වර්ෂන් එක සිංග් කරන්න කලින් මට කතා කරලා විෂ් කළා. මම හොඳට සිංග් කරනවා කියලා කිව්වා.

කොහොමද ඇත්තට මේ තරම් හොඳට ගායනා කරන්න ඉගෙන ගත්තේ.
මම දෙරණ "ලිට්ල් ස්ටාර් සීසන් 4" තරගාවලියේ ‍ෙදාලහෙන් පහළ දක්ෂතම තරුව වුණා. මට සංගීතය උගන්වන්නේ විශාරද නිලන්ති අත්තනායක මිස්. දහය වසර වෙද්දි මම විශාරද විභාගය අවසන් කළා. අම්මයි තාත්තයි නිසා තමයි මේ හැකියාව මට ලැබුණේ. එයාලටත් ගායන හැකියාව තියෙනවා.

ලිට්ල් ස්ටාර් මේ තරම් ජනප්‍රිය වුණේ නෑනේ
"මම දක්ෂතම තරුව" සම්මානය ගත්තට පස්සේ කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවන්ගේ අම්මා ගැන ලියපු පදරචනාවක් ගායනා කළා. රෝහණ වීරසිංහ මාමා තමයි සංගීතය නිර්මාණය කළේ. ඒ ගීතයට හාමුදුරුවන්ගේ අම්මාගේ පින්තූර එහෙම දාලා කරපු වීඩියෝ එකක් යූටියුබ් එකට දැම්මා. ඒ ගීතය ගායනා කරපු නිසා මම රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ළමා ගායිකාවන් තුන්දෙනාට නිර්දේශ වුණා. සම්බුද්ධ ජයන්ති සැමරුමේදී දෙවැනි ස්ථානයට ආවා. හැබැයි ඉතිං ඉස්කෝලේ වැඩ නිසා මම ගායනය පැත්තට ලොකු කාලයක් කැප කළේ නෑ. සාමාන්‍ය පෙළ ඉවර වෙලා සින්දුවක් කරන්න තමයි හිටියේ.

ආදර ගීතයක් නිසා ජනප්‍රිය වෙද්දි භය හිතුණේ නැද්ද?
මම ඒ වගේ ගීත කියන්නේ යාළුවන්ගේ ඉල්ලීමට විතරයි. පාසලේදී මම ආදර ගීත ගායනා කරලාවත් නෑ. තාත්තා මේ ගීතයට විෂුවල් එකක් කරනවට පවා අකැමැති වුණේ මං ගැන වැරැදි අවබෝධයක් යන නිසයි. මම මේ හැමදේම කරන්නේ අම්මයි තාත්තයි කියන විදියට. එයාලගෙ රැකවරණය ඇතුව.

ඔෂානි බලාපොරොත්තු වෙන්නේ?
මං ආසයි සංගීතය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වෙන්න.





වාසනා සුරංගිකා විතානගේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 8667472021458415725

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item